Saturday, October 13, 2012

ඉට්ලි




අපි අද ඉට්ලි හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:-
සුදු උළුඳු කෝප්ප 2 යි
සම්බා සහල් හෝ බාගෙට තැම්බූ නාඩු සහල් කෝප්ප 4 යි
උළුහාල් තේ හැඳි 1/2ක් පමණ

උයාගත් බත් ස්වල්පයක්.
අවශ්‍යය පමණට ලුණු
බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

හාල් සහ උළුඳු වෙනවෙනම පොඟවා පැය 6 - 8 ක් තබන්න. උයාගත් බත්, උළුහාල් ද  මේ එක් වර්ගයකට එකකරගන්න.  ඉන්පසු හොඳින් ගරා වෙන වෙනම අඹරා ගන්න. ඇඹරීමේදී ග්‍රයින්ඩරය රත් නොවනසේ අඹරාගන්න. මදක් කැබලි හිටින්නට ඇඹරිය යුතුයි. මේ දෙවර්ගයම එකට එක්කොට යලිත් අඹරන්න. බේකිං පවුඩර් ද මෙයට එක් කරන්න.  ඒ මිශ්‍රණය පිපෙන්නට පැය 6 ක් පමණ තියන්න. මේ මිශ්‍රණය පිපුණ පසුව ඉට්ලි මොල්ඩ් එකක විනාඩි 10 - 15 ක් ස්ටීම් කර තම්බා ගන්න.





Idli

  • 4 cups par boiled rice/Samba  Rice
  • 2 cup Urad dal
  • salt to taste
  • about a fistful of cooked rice  
  • few Fenugreek seeds about 1/2 tsp .
  • baking powder 2 tsp

Soak the Urid Dal  and par boiled rice separately for at least 6-8 hrs.
I have used Wet grinder to make my batter but you can do the same with your food processor. 
First add the rice in your grinder and grind it well. The batter will not be smooth but little coarse-grained.

Remove and set aside in a large bowl. In the same grinder ( you don't have to wash/clean) Urad dal add the along with cooked rice.
Grind it once again. This takes longer and the more you grind, better the idlis. You need to keep adding little water now and then. You will notice that the batter doubles up in volume when ground. When the batter is smooth ( feels like satin), remove and pour it along with rice batter. Add salt, baking powder mix well and set aside.
The next day, after fermenting, stir the batter well.
You can use small bowls if you don't have these plates to make them too. Pour out the batter in each of the plates.  You can use a steamer. Cook for 10 in high flame and then lower it to min for last 5.

පොල් සම්බලය;

ගා ගත් පොල් බෑයක්
කොත්තමල්ලි කොළ
කරපිංචා කොළ
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු කුඩු ස්වල්පයක්
සුදු ළුණු බික් දෙක තුනක්
අමු මිරිස් කරල් පහක් පමණ
රතු ලූණු ගෙඩි පහක් පමණ

දෙහි ඉස්ම ස්වල්පයක්

මේ සියල්ලම එකට අඹරා ගන්න. පදමට ලුණු හා අනෙකුත් දේ දමා ගන්න.


Friday, October 5, 2012

Fish cutlets.





These  are delicious as a snack with evening tea or as a side dish for lunch or dinner.
Serves 8-10 people


Ingredients:
1 15-oz can of Salmon or Jack mackerel
3 big onions finely chopped
Few cloves of garlic
1’’ ginger piece.
4 green chilies finely chopped (optional )
1/2 lb (500g) potatoes
1/2 bottle frying oil
4-5 curry leaves / you can use coriander leaves or mint if you like.
1/2 lime
3 egg whites
1/4 lb ( 250g – 300g ) bread crumbs
salt and pepper to taste  (if you like hot 1 tsp chili powder ) 


Method:
Boil and skin the potatoes. Mash the potatoes. Drain the 
water from the fish can. Break the fish into small pieces.
Heat 2 tbsp of oil in a pan under medium heat. When the 
 oil is hot and the finely  chopped garlic & Ginger  & onions, green chilies  and curry leaves and fry till the onions are golden brown.
Now add the crumbled fish and temper for about 3-5 minutes.
Next add the mashed potatoes and season with salt and pepper
and mix well. If you like bit hot you can add 1tsp chili powder.
Remove the pan from heat and add the lime juice to the mixture and mix well.
Beat the egg white  in a bowl. Put the bread crumbs to a flat dish.
Make small balls from the fish mixture (about one inch diameter).
Soak the balls first in the beaten egg white  and then coat the 
balls with bread crumbs.
Heat the remaining oil in a frying pan and when the oil is very
hot add the coated fish balls and fry till golden brown. Makes 
about 30-40 cutlets.
Serve hot.

මාළු කට්ලට්




අවශ්‍ය ද්‍රව්‍ය
සැමන් ටින් 1
කුඩාවට කැපූ බී ළුණු ගෙඩි 3 ක්
තලා ගත් සුදු ළුුණු බික් 5ක් පමණ
තලා ගත් අමු ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
කුඩාවට කැපූ අමු මිරිස් කරල් 4 ක්
අල රාත්තල් ½
පොල් තෙල් බෝතල් ½
කරපිංචා ඉති 3-4 ක්
දෙහි ගෙඩි ½
බිත්තර සුදු මද 3 ක් 
බිස්කට් කුඩු
ලුණු හා ගම්මිරිස් කුඩු රස පදමට
ඔබට සැරට අවශ්‍ය නම් මිරිස් කුඩු තේ හැඳි 1 ක්


සාදන අන්දම:-  
            අල තම්බා පොතු හැර ගෙන පොඩි කර ගන්න. පසුව සැමන් ද ගෙන පොඩි කර ගන්න. කුඩා කෑලි වන ලෙස, පසුව තෙල් තේ හැදි 3 ක්  ලිප තබා, එයට මධ්‍යම ප්‍රමාණයට රත් වු පසු සුදු ළුුණු , ඉඟුරු සහ බී ළුණු, අමු මිරිස් හා කරපිංචා කොළ දමා ඒවා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
 දැන් එයට මාළු එකතු කර විනාඩි 3 – 5 ත් අතර බැද ගන්න .  පසුව පොඩි කර ගත් අල හා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු  එකතු කර ගන්න. පසුව එය ලිපෙන් බා ගෙන එයට දෙහි යුෂ එක් කරන්න. එය හොදින් මිශ්‍ර කර ගන්න.
 දැන් බිත්තර සුදුමද ය පමණක්  කඩා භාඡනයකට දමා ගන්න. බිස්කට් කුඩු වෙන භාඡනයකට දමා ගන්න. පසුව පළමු මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න.  කට්ලට් බිත්තර සාරු වල දවටා බිස්කට් කුඩු තවරා රන්වන් පැහැ වෙනතුරු  ගැඹුරු තෙලේ බැද ගන්න. 
සාමාන්‍ය ප්‍රමාණයේ කට්ලට් 30ක් පමණ සාදාගත හැක.