Saturday, July 7, 2012

වටලප්පන් - Watalappan

    අපි අද වටලප්පන් හදමු.      රස බලමු.








Watalappan  

Ingredients:-

500g good Kithul  jagarry
10 eggs
2 1/2 cups  coconut milk
1 tea spoon vanilla
Kaju nuts 50 g
finely grated nut meg  
Raisins 30 g


First grate the jugarry and put it to the bowl.  Get  coconut milk thick & moderate milk 2 ½ cups  and mix with jagarry with a beater.  Beat eggs separately. Put eggs in to the jagarry mixer as well as  nutmeg & Vanila . Beat it around 5 – 10  mins  and put Cashew nuts & raisins coated with little corn flour  in to the mixer . 


Decorate top with cashew half’s.   Bake in a moderate oven 180Ÿc  for 45 min to 1hr . You can put a kebab stick  to see whether it’s  well done . If the stick doesn't  get coated with the mixture it’s done. 


This  can be steamed. I prefer when steamed because it’s more softer & puffy.  



වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය:-


උසස් තත්වයේ කිතුල් හකුරු ග්‍රෑම් 500 යි
උකුවට මිරිකා ගත් හා දියර  පොල්  කිරි කලවමට කෝප්ප 2 1/2 යි
බිත්තර  10 යි
කුඩුකර ගත් සාදික්කා කුඩු තේ හැඳි 1 ක්
වැනිලා ස්වල්පයක්
කෝන් පිටි වල තවරා ගත් කජු කැබලි ග්‍රෑම් 50 ක් හා පලාපු කජු පියලි ස්වල්පයක්.
මුද්‍රප්පලම් ග්‍රෑම් 30, කෝන් පිටි වල තවරා.


පළමුව හකුරු ග්‍රේටරයකින් ගා ගන්න. පොල් කිරි හා  මිශ්‍ර කර බීටරයකින් කලවම් කර ගන්න. බිත්තර ගසා එයටම හකුරු මිශ්‍රණය දමා හොඳින් බීට් කර ගන්න. විනාඩි 5 ක් පමණ. මෙහිදී හකුරු හොඳින් දිය විය යුතුයි.

එයට වැනිලා හා සාදික්කා කුඩු එක්කර ගසා ගන්න.

ඊට පසුව එයට කජු කැබලි හා මුද්‍රප්පලම් එක් කර ගන්න. භාජනයකට දමා මද රශ්මිය ඇති උඳුනක පුළුස්සා ගන්න.  බාගෙට තැම්බී එනවිට කජු පියලි වලින් උඩ සරසා ගන්න.

විනාඩි 45 ත් පැයක් පමණ වෙලා පිලිස්සීමට ගතවන කාලයයි.උඳුනේ පිලිස්සුනාම වටලප්පන් වල පාට ලස්සනයි. තෙත ගතියෙන් අඩුවට පැණි පාටට තියෙනවා. ටික දිනක් තියාගන්නත් පුළුවන්.





මම නම් ආස   වටලප්පන්  වාෂ්පයෙන් තැම්බුවාමයි.  එවිට එය වඩා මෘදු ගතියකින් හා පැණි ගතියකින් යුක්ත නිසා.  වතුර භාජණයක් මත තබා කට හොඳින් වතුර නොයන ලෙස බැඳ ලිපේ තබා තම්බා ගන්න. කුඩා කූරකින් ඇන එය තැම්බී ඇති දැයි බලන්න. මිශ්‍රණය එහි නොඇලේ නම් එය තැම්බී ඇති බව පෙනේ. වාෂ්පයෙන් තම්බන විට පැයකට වඩා කාලය ගතවේ. 


මයිකොවේව් උඳුනේ එහි ඇති උපදෙස් අනුව වාෂ්පයෙන් තම්බා ගත හැක.

Monday, July 2, 2012

Fish Buns





මාළු පාන් - Fish Buns 

අවශ්‍ය ද්‍රව්‍ය :-


පාන් පිටි ග්‍රෑම් 750 
මාගරින් හෝ බටර් ග්‍රෑම් 100
දිය ලුණු කුඩු තේ හැඳි 1 - 1/2 
යීස්ට් ග්‍රෑම් 12 පැකට්ටුවක්.
මද රස්නෙ කිරි කෝප්පයක්
මද රස්නෙ වතුර කෝප්ප  1/2 යි
ගසා ගත් බිත්තර 2 යි
සීනි තේ හැඳි 1 - 2 1/2 


පාන්වල තවරා ගැනීම සඳහා බිත්තර කහමදයක් හා සීනි තේ හැඳි 1/2ක් පමන. 



සාදන  ක්‍රමය:-


පාන් පිටි හලා ගෙන පිරිසිදු වියලි පොඩි බේසමකට දමා ගන්න.  බටර්  දියලුණු කුඩු සමඟ පාන් පිටි හොඳින් මිශ්‍ර කරගන්න. වියලි පන් කුඩු ලෙස එනතෙක් මිශ්‍ර කරන්න. මැද වළක් සේ සාදා ගන්න. මේ අතර යීස්ට් ටික මද රස්නය ඇති වතුර හා සීනි සමඟ මිශ්‍ර කර පිපෙන්නට තබන්න.  විනඩි 10 - 15 වන විට මෙය හොඳින් පිපී උඩට එයි. මේ මිශ්‍රණය කලින් සාදා ගන්නා ලද පිටි මිශ්‍රණයේ වලට දමන්න. කිරි සහ ගසා ගන්නා ලද බිත්තර ද මෙයටම එකතු කර හොඳින් අනා ගන්න.  ගොඩාක් තද ගතියෙන් යුක්ත නම් වතුර ස්වල්පයක් හෝ වඩා බුරුල් නම් පිටි හෝ මිශ්‍ර කර අතේ නොඇලෙන ගානට බෝලයක් සාදා  ගන්න.
මෙම බෝලය ටික ටික ගෙන තෙල් තවරන ලද මේසයක  දමා හොඳින් අත් ගසා ගන්න. මෙහිදී අත්ල මේසය මතට තද කරමින් පිටි මෝලිය  දිග් අතට අත් ගැසීම හරිම වැදගත්. විනාඩි පහළවක් මේ ලෙස අත් ගැසූ පිටි මෝලිය හොඳින් රවුම් කර තෙල් ස්වල්පක් තවරා බේසමට දමන්න. තෙමනලද  තුවායකින් වසා පැ 1 1/2 - 2 ක් පිපෙන්නට  තබන්න.


හොඳින් පිපුන පසු මෙම පිටි මෝලිය දෙගුණයක් තරම් වනු ඇත.  මෙය අතින් තද කර ආයෙමත් පෙර ප්‍රමාණයට  ගෙන තවත් විනාඩි දහයක් පමණ තබා කුඩා ප්‍රමාණයේ රවුම් සාදා ගන්න. මේසයක හෝ ලෑල්ලක තුනී කර ඒ මැදට මාළු මිශ්‍රණය දමා ලියුම් කවරයක් ආකාරයට තුන්මුලස් ආකාරයට නවා ගෙන බිත්තර සුදුමද වලින් අලවා ගන්න. මෙම මාළු බනිස් තවත් පැය 1/2 ක් පිපෙන්නට තබන්න. ඊට පසු බිත්තර කහමද හා සීනි උඩින් තවරා (බ්‍රශ් කර ) සෙල්සියස් අංශක 200 ක පමණ උෂ්ණත්වයකින් යුතු පෝරණුවක විනාඩි 15 - 20 ක්  පුලුස්සා ගන්න. 



මාළු  මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-


මාළු හෝ සාඩින් ග්‍රෑම් 250 
අල ග්‍රෑම් 500
ලොකුලූණු ග්‍රෑම් 250
කුරුඳු  පොතු කැබැල්ලක්
කරද මුංගු ස්වල්පයක්
කරපිංචා සහ කොත්තමල්ලි කොල ස්වල්පය බැගින්
ගම්මිරිස් කුඩු , මිරිස් කුඩු සහ ලුනු කුඩු ස්වල්පය බැගින්.
අමු මිරිස් කරල් 5ක් පමණ
දෙහි ස්වල්පයක්.
තෙල්.


අල තම්බා පොඩි කර ගන්න. මාළු තම්බා හෝ සැමන් නම් පොඩිකර ගන්න.  ලූනු සහ අමු මිරිස්, සුදු ලූනු, ඉඟුරු ,කරපිංචා , කොත්තමල්ලි කොල හීනියට ලියා ගන්න. තෙල් රත්කර එයට සුදු ලූනු ඉඟුරු හා ලියා ගත් ලූනු දමා  බැද ගන්න. එය රන්වන් පාට වූ පසුව මාළු සහ අල හා අනෙකුත් ද්‍රව්‍ය දමා කලවම් කර තම්බා නිවෙන්නට හැර පදමට ලුනු ඇඹුල් දමා ගන්න. මෙම මිශ්‍රණය කදිම පිරවුමකි.


Fish Buns



Ingredients 


750 g Flour (plain)
100 g butter or margarine  

1-1/2 tea spoon salt
1- 2 1/2 tea spoons sugar
12 g yeast - dry
1 cup milk  (fresh milk or lightly done milk powder )
½  cup moderate warm water

2 eggs lightly beaten
Topping / glazing
1 egg yellow
1/2 tea spoon sugar




How to make the bread dough:- 

Add yeast to a bowl with 1-1/2 tea spoon of sugar. Mix well and sprinkle 2 tea spoons of water on it. Leave for 2 mints covered in a warm place.
Mean while add flour to a dry bowl, add butter and given salt mix well till it flakes out like bread crumbs. Make a hole in the middle.
Add 1/4 cup of warm water to the yeast mix. Mix well until dissolved. Add the rest of the water cover and keep for 10 mints in a warm place. The yeast should bubble up.
Now add yeast to the hole made in the middle of the flour mix.
Keep mixing and then add 1 cup of milk little by little until the mix becomes a non sticky ball (this mix should not stick to your fingers or the bowl)
Take the dough to a flat chopping board sprinkled with flour.
Knead well using your hands continuously for 15 mints until it gets fluffy and soft.
Don't break the dough in to pieces while mixing. Use the palm to press the dough.
After 15 mints rub little oil to the  bowl & the mixture  should be soft & non sticky after kneading. Make a ball with a oily hand & put the dough to the bowl and cover with a wet cloth leave for 1 ½ to 2 hrs. 

(now its time to make the filling as you like)

After 1  1/2  hrs  dough becomes doubled the size. Knock dough down. (Poke your finger to the dough then it will go back to its original size )   Leave again for 10 mints. After 10 mints separate the dough into about 15 – 20  balls.
Spread on a flat board sprinkled with flour.
Spread it in a shape of a triangle with a rolling pin or using your hand keep the triangle pointing up add the filling to the bottom of the triangle and fold the three edges like an envelope. This can be  make like bread rolls. Roll each portion into a ball & place on a baking tray & keep for about 15 - 20 min to double in size.
You can make average size of 15 – 20  buns.

Now for topping/glazing
Mix egg yellow with given amount of sugar. Brush the egg yellow on top of each bun.

Bake the buns for 15 - 20 mints in 200 degree of Celsius in a pre- heated oven. Depending upon the size of the bun adjust the heat accordingly. Bake until the top becomes golden brown.

Filling 
fish potato savory mix or
chicken or vegetarian version as you like.

Make the filling:-
500g potato
250g onion
250g sardine or tuna  fish boiled  
Cinnamon stick
 4 – 5 Green chilies  
1 tsp garlic & ginger finely chopped.  
Few curry leaves
One sprig of coriander leaves
1 tsp pepper, 1tsp salt
½ tsp red chilly powder
¼ tsp Cardamom powder 
1 tsp lemon juice
little oil to temper.

Boil potato & grate them.
Crush fish in to a small flacks
Chop  onion , green chilies, coriander leaves , & curry leaves .
Put  oils in a pan to  heat. When it’s hot  add garlic & ginger. When it’s brown add onion keep it to brown & add potato & fish & other ingredients to the mixture. Mix well in a simmering point for few minutes  & leave it to cool .  Then your mixture is ready to fill the bun. 


Enjoy Fish buns with tea or coffee. 






Thursday, June 28, 2012

Fried Prawns with desiccated coconut














මුලින්ම ස්තූතිය මගෙ අම්මාටයි ආච්චි අම්මාටයි මට රසට උයන්න ඉගැන්වූවාට. කාලයක් මගෙ තාත්තත් මට ගොඩාක් දේවල් ඉගැන්වුවා. තාත්තටත් හොඳට කෑම හදන්න පුලුවන්. අපේ ගෙදර අපි පොඩි කාලෙ හැමෝම එකතුවෙලා තමයි කෑම හදන්නෙ. මම හිතන්නෙ මගෙ මල්ලි කොහොම හරි සුදු නෝනෙක්ව කරකාරෙට අරන්, මල්ලිට  ආස කෑම එයාම හදාගන්න පුරුදු උනෙත් ඒ හින්දම වෙන්න ඇති.  ඒ කියන්නෙ අම්මගෙ අත්ගුණේ හැමොටම පිහිටල තියෙනවා. පොඩි නංගිටත් අනෙක් නංගිලාටත් හොඳට රසට උයන්නට පුලුවන්.   වැඩි කතා ඕනෙ නෑ අපි අද ඉදල රසට ගුණට කෑම හදමු.

මුලින්ම කියන්නෙ මැලේසියාවෙ ගිය වෙලාවෙ අපි කාපු රසවත් කෑමක්. මේක එක් එක් ආකරයට හදාගන්න පුලුවන්.

පොල් තවරාපු ඉස්සන් බැදුම.

අවශ්‍ය දේ.

තරමක් ලොකු ඉස්සන් ග්‍රැම් 250 ක්
හීනියට ගා ගත් වියලුන පොල්
බිත්තර සුදුමදයක්
කෝන් පිටි ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුනු කුඩු ස්වල්පයක්
සෝයා සෝස් තේ හැන්දක්
බැදීමට පිරිසිදු එළවළු තෙල්

සාදන ක්‍රමය:-

පළමුව ඉස්සන් හොඳින් සෝදා හිස පෙදෙස ගලවා වළිගය සහ අඬු ඉතිරිවනසේ පොතු හැර ගන්න. ඊට පසු පිට මැදින් යන්තමට පලා කලු පාට දාරය හිමිහිට අයින් කර ගන්න.  ලුනු, ගම්මිරිස් හා සෝයා සෝස් සමග ඉස්සන් මිශ්‍ර කර විනාඩි 15 ක් තබන්න.  ඊට පසු වතුර උරාගන්නා කිචන් ටවල් එකක් මත තබා වතුර වියලා ගන්න. ඊට පසු කෝන් පිටි වල යන්තමින් තවරා ගසන ලද බිත්තර සුදුමද වල ගෑරප්පුවකින් බහා එය බේරා හැර , ගානලද පොල් වල තවරා ගන්න. (මෙහිදී ඔබට ඩෙසිකේටඩ් කොකන්ට් නමින් හැදින්වෙන වියලා ගත් පොල් බාවිතා කල හැක. එය ඉක්මනින් බැදෙන බැවින්  ඉතා යෝග්‍ය වේ.ඊළගට ඔබ කල යුත්තේ මෙම පොල් තවරා ගත් ඉස්සන් රත්වූ තෙල් භාජනයකට පරිස්සමින් කීප දෙනෙකු බැගින් දමා බැද ගැනීමයි. මෙහිදී පරිස්සම් වියයුතු කරුණ නම් තෙල් උවමනාවට වඩා අධික ලෙස රත් නොකිරීමටත් රන්වන් පැහැයට බැදගැනීමටත්ය. මේ සඳහා පොල් වෙනුවට තල ඇට , රුලං, හෝ හීනියට රැල් කරගත් වොන්ටොන් කැබලි භාවිතා කල හැක.  රන්වන් පාටට බැදුන ඉස්සන් ලස්සනට සරසා ඔබගේ නිවසේ අයට පිළිගන්වන්න.
  • ඔබ මෙය අත්හදා බලන්න. හරිම ලේසියි. ප්‍රශ්ණ වෙතොත් මට ලියන්න. ස්තූතියි.


Fried Prawns with desiccated coconut   

  • Ingredients

    • Prawns, medium size 12 nos.
    • Salt 1/4 tsp.
    • Pepper a shake
    • Corn Flour 2 tbsp.
    • Egg White, beaten 1 no.
    • 1 cup desiccated coconut  
    • 1  tbs soya sauce  
    •  Oil (for frying)

  • Method
  1. Shell and devein Prawns, keep the tail .
  2. Make a small slit on back of each Prawn.
  3. Add soya sauce salt , pepper & keep for 15min to marinate  
  4. You can  then pat them with corn flour.
  5. Dip Prawns in Egg White and coat with desiccated coconut .
  6.  Heat oil in Electric Deep Fat Fryer, put one by one about five or  six &  deep fry Prawns till nice golden brown.   Serve hot. 
  7. (you can also use sesame seeds, shredded won-ton wrappers, or semolina for coating the shrimps.)  
  • Please try to make & if any problem arises you can contact me. Thank You.