Showing posts with label උදේ ආහාර. Show all posts
Showing posts with label උදේ ආහාර. Show all posts

Saturday, January 5, 2013

UPUMA



UPUMA    


Ingredients:


1 cup Rava / Sooji (Semolina) 
25 gms fried Cashew Nuts (optional)
1 inch Ginger chopped
1 chopped Onion
3 Green Pepper cut sideways
1 Potato chopped
1 Red pepper cut sideways
2 Carrot chopped
1/4 cup Green Peas frozen or fresh
1 tsp Mustard Seeds
1 tsp Urad Daal
1 tsp Channa Daal
Salt to taste
1/2 tsp Turmeric Powder
Chili powder to taste (optional)
50g of sultana .
2 tblsp Oil
Few curry leaves
Finely chopped coriander leaves
1 tblsp Ghee or butter
Lemon juice to taste

How to make rava uppma:



• Sift rava through a muslin / cheese cloth or very fine sieve.
• Heat 1tbsp. pure ghee / unsalted butter and fry rava ,on a moderate heat, stiring constantly to light brown color and set aside.


• Now heat 2 tbsp oil in a pan and add mustard seeds and allow them to splatter.


• Add the daals : channa & urad & curry leaves to it and fry till they turn red. ( if you can’t get dhal pl. omit as it’s optional. ) 


• Add onion, ginger and green chilies. Sauté for 2-3 minutes.
• Add all the vegetables, turmeric & chili powder, and salt to taste.


• Now add 3 cups of water and cover the pan and allow it simmer on low heat until the vegetables are done.


• Add the fried rava to it stirring constantly till it becomes little thick.


• Take off from the heat and lemon juice if desired.


• Serve hot garnished with cashews and coriander leaves.


• For better taste you can add minced chicken , bacon ends & few eggs beaten to the vege mixture.









උප්පුමා 

අවශ්‍යය ද්‍රව්ය - 


රුලං  කෝප්පයක්

බැදපු කජු මද ග්‍රෑම් 25 ක්

අඟලක පමණ ඉඟුරු කැබැල්ලක් හීනියට කපා හෝ හොඳින් තලා.

බී ලූණු ගෙඩියක් හීනියට ලියා ගන්න.

ග්‍රීන් පෙපර් නැමති සලාද වලට ගන්න කොලපාට ලොකු මිරිස් 

ගෙඩියක් කුඩා කොටු කපා ගන්න.

අල ගෙඩියක් කුඩා කොටු කපා ගන්න.


රතු සලාද මිරිස් ගෙඩියක් කුඩා කොටු කපා.   ( රෙඩ් පෙපර් )

කැරට් ගෙඩි දෙකක් කුඩා කොටු කපා.


ග්‍රීන් පීස් ඇට කෝප්ප 1/2 ක් පමණ

අබ ඇට තේ හැඳි 1 ක්

උළුඳු ඇට තේ හැඳි 1 ක් 

කඩල පරිප්පූ තේ හැඳි 1 ක්

පදමට ලුනු

කහ කුඩු තේ හැඳි 1/2 ක් 

මිරිස් කුඩු අවශ්‍යය පමණට.

මුද්‍රප්පලම් 50g  ක් 


තෙල් මේස හැඳි 2 ක්


කරපිංචා අවශ්‍ය ප්‍රමණයට්.

පොඩියට කපා ගත් කොත්තමල්ලි කොල

ගී හෝ බටර් මේස හැඳි 1 - 2 ක්'


දෙහි ඉස්ම අවශ්යය පදමට


උප්පුමා සාදන ක්‍රමය -  


• බටර් හෝ ගී දමා රත්වූ පසු කබලෙ රුලං බැද ගන්න. 

• අබ ඇට පුපුරන තෙක් බදින්න . 


• එයටම  පරිප්පු, කඩල පරිප්පු උලුඳු ඇට වැනි දේ   දමා   බැද 

ගන්න. 



සියළුම එළවළු තෙම්පරදුවට එක් කරන්න

• වතුර කෝප්ප 3 ක් දමා එළවළු  යන්තම් තැම්බෙන්නට හරින්න.

• එයට රුලං එක්කට යන්තම් තැම්බෙන විට ලිප නිවා වසා තබන්න. 

•ලිපෙන් එළියට ගෙන දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කරගන්න. 


උණුවෙන් ම එයට කජු හා මුද්‍රප්පලම් අනෙකුත් ද්‍රව්යය එක් කරන්න. 


• රසවත්වම අව්ශ්‍යය නම් එයට බේකන් කැබලි , කුකුලු මස් හා 

සොසෙජස්  හෝ බිත්තර ද එක් කරගන්න පුලුවන්. 

බොහෝ විට මෙය එළවළු පමණක් යොදා සාදා ගන්නා ඉන්දියානු කෑමකි.


Saturday, October 13, 2012

ඉට්ලි




අපි අද ඉට්ලි හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:-
සුදු උළුඳු කෝප්ප 2 යි
සම්බා සහල් හෝ බාගෙට තැම්බූ නාඩු සහල් කෝප්ප 4 යි
උළුහාල් තේ හැඳි 1/2ක් පමණ

උයාගත් බත් ස්වල්පයක්.
අවශ්‍යය පමණට ලුණු
බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

හාල් සහ උළුඳු වෙනවෙනම පොඟවා පැය 6 - 8 ක් තබන්න. උයාගත් බත්, උළුහාල් ද  මේ එක් වර්ගයකට එකකරගන්න.  ඉන්පසු හොඳින් ගරා වෙන වෙනම අඹරා ගන්න. ඇඹරීමේදී ග්‍රයින්ඩරය රත් නොවනසේ අඹරාගන්න. මදක් කැබලි හිටින්නට ඇඹරිය යුතුයි. මේ දෙවර්ගයම එකට එක්කොට යලිත් අඹරන්න. බේකිං පවුඩර් ද මෙයට එක් කරන්න.  ඒ මිශ්‍රණය පිපෙන්නට පැය 6 ක් පමණ තියන්න. මේ මිශ්‍රණය පිපුණ පසුව ඉට්ලි මොල්ඩ් එකක විනාඩි 10 - 15 ක් ස්ටීම් කර තම්බා ගන්න.





Idli

  • 4 cups par boiled rice/Samba  Rice
  • 2 cup Urad dal
  • salt to taste
  • about a fistful of cooked rice  
  • few Fenugreek seeds about 1/2 tsp .
  • baking powder 2 tsp

Soak the Urid Dal  and par boiled rice separately for at least 6-8 hrs.
I have used Wet grinder to make my batter but you can do the same with your food processor. 
First add the rice in your grinder and grind it well. The batter will not be smooth but little coarse-grained.

Remove and set aside in a large bowl. In the same grinder ( you don't have to wash/clean) Urad dal add the along with cooked rice.
Grind it once again. This takes longer and the more you grind, better the idlis. You need to keep adding little water now and then. You will notice that the batter doubles up in volume when ground. When the batter is smooth ( feels like satin), remove and pour it along with rice batter. Add salt, baking powder mix well and set aside.
The next day, after fermenting, stir the batter well.
You can use small bowls if you don't have these plates to make them too. Pour out the batter in each of the plates.  You can use a steamer. Cook for 10 in high flame and then lower it to min for last 5.

පොල් සම්බලය;

ගා ගත් පොල් බෑයක්
කොත්තමල්ලි කොළ
කරපිංචා කොළ
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු කුඩු ස්වල්පයක්
සුදු ළුණු බික් දෙක තුනක්
අමු මිරිස් කරල් පහක් පමණ
රතු ලූණු ගෙඩි පහක් පමණ

දෙහි ඉස්ම ස්වල්පයක්

මේ සියල්ලම එකට අඹරා ගන්න. පදමට ලුණු හා අනෙකුත් දේ දමා ගන්න.