Showing posts with label Sweets Puddings. Show all posts
Showing posts with label Sweets Puddings. Show all posts

Saturday, September 15, 2012

Chocolate Biscuit Pudding




Chocolate Biscuit Pudding

2-3 packets of Marie biscuits

Milk to soak  biscuits  

250g icing sugar

250g Butter or Margarine 

3 eggs (separated)

50-100g cocoa

1 cup whipped cream

2 tablespoons brandy (Optional)

Chopped cashew nuts (Optional)

Chocolate curls from  dark cooking chocolate. 




Mix butter  and icing sugar till fluffy using a hand mixture.

Add the egg yolks, one at a time. Add the sifted cocoa 

powder (first add 50g, then more depending on color).

Beat the 3 egg whites till stiff and add to the chocolate 

mixture. Fold in whipped cream.  Add the brandy.


Soak the biscuits in some hot milk.


Arrange the pudding with alternate layers of the chocolate 

mixture and biscuits. Last layer with chocolate mixture on

 top. 


Add chopped cashew nuts on top with some chocolate curls. 



Chill before serving.

Chocolate Biscuit Pudding 



Method Two:


10 oz chocolate chips
8 ozs butter, at room temperature
3 eggs
10 ozs Marie Biscuits
3/4 cups sugar
1 cup whipped cream
1 cup milk
1 cup chopped cashew nuts
1 tbsp Rum (optional)
1 tsp Vanilla
Pinch of salt
Combine chocolate, rum, 1/4 cup water, and the vanilla in a heat-proof bowl. Set it over a pan of simmering water just until the chocolate melts. Cool completely to room temperature. Whisk butter until combined. Set aside.

Place egg whites, the salt, and 1 tablespoon of the sugar in a bowl. Beat on high speed until firm but not dry. 

Place the egg yolks and the rest of the sugar in a bowl. Beat on high speed until pale yellow. With the mixer on low speed, add the chocolate mixture. 

Whisk 1/4 of the egg whites into the chocolate mixture; then fold the rest in carefully with a rubber spatula.

Fold the whipped cream into the chocolate mixture.

Soak the Marie biscuits in milk slightly. Layer a bottom of a square pan with them. Next layer with chocolate mixture (about 1/2 inch high). Sprinkle with cashew nuts. Follow with another layer of soaked biscuits and then the chocolate mixture and cashew nuts. Continue layering until all of the chocolate mixture is over. Make sure that the top layer is chocolate mixture and cashew nuts.
Chill for at least 2 hours.

This is for you my dear Nangi Dona.    Enjoy!!!!!


චොක්ලට් විස්කොතු පුඩිම. 
අවශ්‍ය ද්‍රව්ය:
මාරි විස්කෝතු පැකට් 3ක් පමණ
එය පෙඟවීම සඳහා කිරි 
අයිසින් සීනි ග්‍රෑම් 250 ක්  
බටර් හෝ මාගරින් ග්‍රෑම් 250 ක්  
බිත්තර 4 ක් කහ මද හා සුදු මද වෙන් කර ගෙන. 
කොකෝවා පවුඩර් ග්‍රෑම් 50 - 100 ක්
ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්පයක්.
බ්‍රැන්ඩි හෝ රම් මේස හැන්දක් (අත්‍යවශ්‍ය නොවේ)
හීනියට කපා ගත් කජුමද 
තද පැහැති උයන්න ගන්නා චොකලට් (Cooking Chocolate) කර්ල්ස් මෙන් ග්‍රේටරයකින් ගාගන්න.

සාදන ක්‍රමය:
බටර් හා අයිසින් සීනි හොඳින් ක්‍රීම් වන තෙක් බීටරයකින් ගසා ගන්න. 
බිත්තර කහ මද එක බැගින් එයට එක් කර ගන්න. චොක්ලට් කුඩු පලමුව ග්‍රෑම් 50ක් පමණ ටික ටික එයට එක් කරගන්න. ටික ටික ප්‍රමණය වැඩි කරමින් තමන් කැමති තද පාට එනතෙක් චොක්ලට් පවුඩර් එක් කර ගන්න. මෙය එකිනෙකා ගේ කැමැත්ත අනුව වෙනස් වේ.
බිත්තර සුදුමද වෙනම තදින් පෙන නගින තෙක් ගසාගෙන  එම මිශ්‍රණයටම එක් කර ගන්න. මෙහිදී බීටරයේ බීට්වෙන රවුම් කැබලි දෙක හොඳින් සෝදා වියලා ගැනීම වැදගත්. මන්ද? සුදුමද හොඳින් ගසා ගන්න අනවශ්‍ය දේ හිරිහැරයක් වෙන බැවින්. 
මේ මිශ්‍රණයටම ගසාගත් ක්‍රීම් එකතු කර වියලි ලී හැන්දකින් පෙරලා ගන්න. බ්‍රැන්ඩි හෝ රම් එක් කරගන්න.
මාරි බිස්කට් ටික උණු කිරි වල පොඟවා ගන්න.
මෙසේ පොඟවමින් මුලින්ම  ක්‍රීම් මිශ්‍රණය අඩියට දමා  ඊට පසුව බිස්කට් තට්ටුවක් ද ඊට උඩින් අඟල් බාගයක් පමණ ක්‍රීම් තට්ටුවක්ද  ලෙස මේ ක්‍රමයට තට්ටු දමා ගන්න. අවසානයට ක්‍රීම් තට්ටුවක් දමා කජු හා චොක්ලට් කර්ල්ස් වලින් සරසා ගන්න. ඔබට මෙය ක්‍රීම් වලින් ද සරසා ගත හැක.
පැය දෙකක් පමණ ශීත කරණයේ තැබීමෙන් රසය වැඩිවේ.
****රස බලලම කියන්න කෝ.





Friday, July 20, 2012

Pineapple Upside Down Pudding






අද හදන්නෙ අන්නාසි උඩයට පුඩිම. හරිද මන්දා පෙරලුවා. ( Pineapple Upside Down Pudding ) මේක හරිම රසවත් වගේම හොඳ අතුරුපසක්. අන්නාසි අපේ රටේ කොච්චර තියෙනවදඒ නිසා අපි හදල බලමු. 




Preparation time 15 minutes,
Cooking time 50 minutes,
Oven temperature 180°C, 350°F, gas 4

Ingredients

25 g (1 oz) butter
50 g (2 oz) soft brown sugar
227 g (8 oz) can pineapple rings, drained
4 glace cherries, halved

For the sponge
100 g (4 oz) butter, softened
100 g (4 oz) caster sugar
2 eggs, lightly beaten
1/4 teaspoon mixed spice & Pineapple juice  4  Tbs .
200g (6 1/2 oz) self- raising flour, sifted

Method

1.        Lightly grease a 15-cm/6-in round cake tin. Melt the butter in a saucepan, add the sugar and pour over the bake of the tin. 

2. Arrange the pineapple rings and cherries decoratively in the base, placing the cherries rounded side down.

3. To make the sponge mixture, beat the butter and sugar until soft and creamy. 

4. Gradually beat in the eggs and using a metal spoon, fold in the spice and flour. 

5. Spoon the mixture over the fruit in the tin, carefully smooth the top and bake in a moderate oven for about 50 minutes or until the sponge is firm and golden.

6. Turn out the sponge on to a serving plate, and serve immediately with custard or cream.

To make custard cream you need 4 Tbs custard powder & 2 cups of milk 3tbs sugar. Mix all the ingredients well & cook in low heat in a double saucepan until it thickens.  Serve hot.

Other canned fruits can be used in this recipe. Try apricot halves, peach halves or slices, or pear halves.

If you like, make a quick jam sauce to serve with the pudding. Heat 225 g (8 oz) jam in a saucepan with the juice from the fruit. 

Stir to prevent sticking, then strain before serving.



අන්නාසි ගෙඩියක් මුලින්ම ඇස්ස ඇරල අර මනමාලයා වාගෙ කපා ගන්න ඕනෙ. මොකද ඇස් තිබුනම ලස්සනක් නැති නිසා. ඒ ගෙඩිය අඟල් 1/4 ක් වගේ මහත රවුම් වලට කපා ගන්න. නොගැඹුරු  භාජනයකට දමන්න. මේ රවුම් කැඩුනොත් එහෙම ඒවා හීනියට කොටු කපල  ඒ භාජනයටම දමන්න. සීනි ග්‍රෑම් 50 ක් පමණ දමා පිරිසිදු වතුර ඒ කියන්නෙ උණුකර නිවාගත් වතුර නම් වඩා හොඳයි කෝප්ප 1/4 ක් විතර එයටම දමා ,එය ලිපේ තබන්න. මද රස්නෙන් එය තම්බා ගන්න. තම්බනවිට එහි ඉස්ම උකුවී පැණි ස්වභාවයක් ගනී.

මෙය ගොඩ වෙලාවක් තම්බන්න එපා. එහෙම කලොත් අන්නාසි ඕනෑවට වඩා තැම්බිලා ලස්සන යනවා. ඒ නිසා ඔබට වෙළද පලේ ගන්න පුලුවන් නේද  අන්නාසි රවුම් තම්බා දමපු ටින්, අන්න ඒ ගානට තම්බා ගත්තාම ඇති. පිට රට ඉන්න අයටත් අපේ රටේ ඉන්න කාර්ය‍ය බහුල අයටත් ටින් ගන්න එක තමයි පහසු. හැබැයි ගෙවල් වල ඉන්න ගෘහණියන් නම් මේ විදිහට අන්නාසි ගෙඩිය අරන් තම්බලා ගන්නවනම් හොඳයි. 

මෙහෙම සකස් කරගත්ත අන්නාසි රවුම් නිවෙන්නට හරින්න. මැද කොටස හොඳින් කැපෙන පිහිතුඩකින් පරිස්සමෙන් පොඩි රවුමක් (චෙරි ගෙඩියක ප්‍රමාණය )  කපා ගන්න.

දැන් ඔබට පුලුවන් ස්පොන්ජ් කේක් මිශ්‍රණය සාදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:-

බටර් ග්‍රෑම් 100 යි
සීනි ග්‍රෑම් 100 යි
බිත්තර 2යි
බේකිං පවුඩර් තේ හැඳි ක්
කුරුඳු කුඩු හා සාදික්කා කුඩු ස්වල්පයක් ( තේ හැඳි 1/4 ක් පමණ )
හලා ගත් පාන් පිටි ග්‍රෑම් 200 යි.
අන්නාසි යුශ  මේස හැඳි 4 ක්

මුලින්ම අපි කේක් ටින් එක හදා ගන්න ඕනෙ.  අඟල් 6 ක  රවුම්  කේක් ටින් එකක් අරගෙන එහි හොඳින් බටර් තවරා ඒ මත අන්නාසි යුශ යන්තමට  හා සීනි යන්තමට ඉසගන්න ඕනෙ. සීනි වැඩි උනොත් එය කරවී අවපැහැ වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සෙ අර කලින් හදා ගත්ත අන්නාසි රවුම් ඒ ට්‍රේ එකේ අඩියෙ ලස්සනට අහුරා ගන්න. සමහර තැන්වල වටේට වගේ ඔබට රවුම දෙකට කපලා ගන්න සිදු වෙනව. ඔබ එය සරසන විදිහ අනුව වෙනස් කරගන්න. චෙරි ගෙඩිය දෙකට පලලා රවුම් පැත්ත යටට හිටින්න අන්නාසි මැද කපාපු රවුම මත තබන්න. දැන් ට්‍රේ එක ලෑස්තියි.

ඔබ දැන් කෙක් මිශ්‍රණය සාදා ගන්න. පලමුව බටර් හා සීනි ක්‍රීම් වනතෙක් බීට් කරන්න. හොඳින් බීට් උනාම බිත්තර එයට වෙන වෙනම කඩා දමා බීට් කරගන්න.

 අපේ ලංකාවෙ ඉන්න අය බිත්තර හොඳින් සෝදන්න අමතක කරන්න එපා. ගොඩාක් දරුවන්ට හැදෙන බඩේ අමාරු එහෙම හැදෙන්නෙ මේව සෝදලා ගන්නෙ නැති නිසා. අනෙක බිත්තරය එක පාරටම කඩල දාන්න යන්න එපා. වෙන වෙනම එය පොඩි භාජනයකට කඩල දාන්න. එහෙම කරන්නෙ හදිස්සියෙ එකක් නරක් වෙලා තිබුනොත් සේරම විසිකරන්න වෙන නිසයි. මේ වගේ පොඩි පොඩි දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ.

ඉතින් බිත්තර දාල බීට් කරගත්ත මිශ්‍රණයට හිමිහිට අන්නාසි යුශ මේස හැඳි 4 ක්, සාදික්කා, කුරුඳු කුඩු හා පිටි හා බේකිං පවුඩර් ටික මිශ්‍ර කරල පෙරලා ගන්න ඕනෙ. පිටි දැම්මාම වැඩිය බීට් කරන්නෙ නෑ.

කැමති පාටක් දාගන්නත් පුළුවන්. මම නම් කැමති මේක හැදෙන පාටටම.

දැන් ඔබේ කේක් මිශ්‍රණය ලෑස්තිනෙ.

 මේ මිශ්‍රණය සකස් කරගත් කේක් ට්‍රේ එකට දමල හොඳින් පැතලි කරල 180°C, 350°F, gas mark 4  ගානට රත් වෙච්ච උඳුනක විනාඩි 40 - 50 ක් පුලුස්සා ගන්න ඕනෙ.

දැන් ටිකක් නිවෙන්න තියල ලස්සන පැතලි බඳුනක ට  අනෙක් පැත්ත හරවල හිමිහිට තට්ටු කලාම මේක අන්නාසි රවුම් සමඟ ලස්සනට හරවා ගන්න පුළුවන්.


මේ පුඩිම සාමාන්‍යයෙන් ගන්නෙ රස්නෙන් හදාපු කස්ටඩ් ක්‍රීම් සමග.  ලස්සනට කෑලි කපල ක්‍රීම් දමා ගත්තහම හරිම කදිමයි.

කස්ටඩ් ක්‍රීම් සාදා ගන්නෙ කස්ටඩ් පවුඩර් මේස හැඳි හතරක් කිරි කෝප්ප දෙකක් හා සීනි මේස හැඳි 3 ක්  සමඟ හොඳින් මිශ්‍ර කරල මද රස්නෙන් උකු වන තෙක් හැඳිගාමින් පිස ගන්න ඕන.

මේ විදිහටම පීචස් හරි ඇප්‍රිකට්  හරි දමා ගන්නත් පුලුවන්. මම සැම්බියාවෙ ඉන්න කොට මේ දෙවර්ගයම එකතු කරල හැදුවා. එහේ අපිට දකුණු අප්‍රිකාවෙන් එන පලතුරු ටින් ගන්න පුලුවන්.

ඉතින් එහෙමනම් හදල මටත් කියන්නකො කොහොමද? පුඩිමෙ රස කියල.