Thursday, June 28, 2012

Fried Prawns with desiccated coconut














මුලින්ම ස්තූතිය මගෙ අම්මාටයි ආච්චි අම්මාටයි මට රසට උයන්න ඉගැන්වූවාට. කාලයක් මගෙ තාත්තත් මට ගොඩාක් දේවල් ඉගැන්වුවා. තාත්තටත් හොඳට කෑම හදන්න පුලුවන්. අපේ ගෙදර අපි පොඩි කාලෙ හැමෝම එකතුවෙලා තමයි කෑම හදන්නෙ. මම හිතන්නෙ මගෙ මල්ලි කොහොම හරි සුදු නෝනෙක්ව කරකාරෙට අරන්, මල්ලිට  ආස කෑම එයාම හදාගන්න පුරුදු උනෙත් ඒ හින්දම වෙන්න ඇති.  ඒ කියන්නෙ අම්මගෙ අත්ගුණේ හැමොටම පිහිටල තියෙනවා. පොඩි නංගිටත් අනෙක් නංගිලාටත් හොඳට රසට උයන්නට පුලුවන්.   වැඩි කතා ඕනෙ නෑ අපි අද ඉදල රසට ගුණට කෑම හදමු.

මුලින්ම කියන්නෙ මැලේසියාවෙ ගිය වෙලාවෙ අපි කාපු රසවත් කෑමක්. මේක එක් එක් ආකරයට හදාගන්න පුලුවන්.

පොල් තවරාපු ඉස්සන් බැදුම.

අවශ්‍ය දේ.

තරමක් ලොකු ඉස්සන් ග්‍රැම් 250 ක්
හීනියට ගා ගත් වියලුන පොල්
බිත්තර සුදුමදයක්
කෝන් පිටි ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුනු කුඩු ස්වල්පයක්
සෝයා සෝස් තේ හැන්දක්
බැදීමට පිරිසිදු එළවළු තෙල්

සාදන ක්‍රමය:-

පළමුව ඉස්සන් හොඳින් සෝදා හිස පෙදෙස ගලවා වළිගය සහ අඬු ඉතිරිවනසේ පොතු හැර ගන්න. ඊට පසු පිට මැදින් යන්තමට පලා කලු පාට දාරය හිමිහිට අයින් කර ගන්න.  ලුනු, ගම්මිරිස් හා සෝයා සෝස් සමග ඉස්සන් මිශ්‍ර කර විනාඩි 15 ක් තබන්න.  ඊට පසු වතුර උරාගන්නා කිචන් ටවල් එකක් මත තබා වතුර වියලා ගන්න. ඊට පසු කෝන් පිටි වල යන්තමින් තවරා ගසන ලද බිත්තර සුදුමද වල ගෑරප්පුවකින් බහා එය බේරා හැර , ගානලද පොල් වල තවරා ගන්න. (මෙහිදී ඔබට ඩෙසිකේටඩ් කොකන්ට් නමින් හැදින්වෙන වියලා ගත් පොල් බාවිතා කල හැක. එය ඉක්මනින් බැදෙන බැවින්  ඉතා යෝග්‍ය වේ.ඊළගට ඔබ කල යුත්තේ මෙම පොල් තවරා ගත් ඉස්සන් රත්වූ තෙල් භාජනයකට පරිස්සමින් කීප දෙනෙකු බැගින් දමා බැද ගැනීමයි. මෙහිදී පරිස්සම් වියයුතු කරුණ නම් තෙල් උවමනාවට වඩා අධික ලෙස රත් නොකිරීමටත් රන්වන් පැහැයට බැදගැනීමටත්ය. මේ සඳහා පොල් වෙනුවට තල ඇට , රුලං, හෝ හීනියට රැල් කරගත් වොන්ටොන් කැබලි භාවිතා කල හැක.  රන්වන් පාටට බැදුන ඉස්සන් ලස්සනට සරසා ඔබගේ නිවසේ අයට පිළිගන්වන්න.
  • ඔබ මෙය අත්හදා බලන්න. හරිම ලේසියි. ප්‍රශ්ණ වෙතොත් මට ලියන්න. ස්තූතියි.


Fried Prawns with desiccated coconut   

  • Ingredients

    • Prawns, medium size 12 nos.
    • Salt 1/4 tsp.
    • Pepper a shake
    • Corn Flour 2 tbsp.
    • Egg White, beaten 1 no.
    • 1 cup desiccated coconut  
    • 1  tbs soya sauce  
    •  Oil (for frying)

  • Method
  1. Shell and devein Prawns, keep the tail .
  2. Make a small slit on back of each Prawn.
  3. Add soya sauce salt , pepper & keep for 15min to marinate  
  4. You can  then pat them with corn flour.
  5. Dip Prawns in Egg White and coat with desiccated coconut .
  6.  Heat oil in Electric Deep Fat Fryer, put one by one about five or  six &  deep fry Prawns till nice golden brown.   Serve hot. 
  7. (you can also use sesame seeds, shredded won-ton wrappers, or semolina for coating the shrimps.)  
  • Please try to make & if any problem arises you can contact me. Thank You.