Sunday, April 21, 2013

රට ඉඳි කේක් :-




රට ඉඳි කේක් :-

අවශ්‍ය ද්‍රව්‍ය :-

රට ඉඳි ග්‍රෑම් 500
ආප්ප සෝඩා තේ හැඳි 2 ක්
වතුර මි.ලී 125
බටර් ග්‍රෑම්  250
පාන් පිටි ග්‍රෑම් 250 ක් 
සීනි ග්‍රෑම් 250
**රට ඉඳි වල සීනි ඇති නිසා අවශ්‍යය නම් සීනි ප්‍රමාණය ග්‍රෑම් 75ක් පමණ අඩු කරගත හැක.
බිත්තර 6 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1ක්
කජු ග්‍රෑම් 150
මුද්දරප්පලම් ග්‍රෑම් 100 ක්
රෝස්‌ එසන්ස්‌ තේ හැඳි 1/2 ක්
ආමන්ඩ් එසන්ස්‌ තේ හැඳි  1 ක්
මිශ්‍ර කුළු බඩු තේ හැඳි 1
වැනිලා තේ හැඳි  1




සාදන ක්‍රමය :-


රට ඉඳි කුඩා කැබලිවලට කපා ඇට ඉවත්කර වතුර හා ආප්ප සෝඩා එකතු කර එය රට ඉඳිවලට දමා පැය 8 ක්‌ පෙඟෙන්න තබන්න.

පිටි හා බේකින් පවුඩර් එකට දමා තුන්වරක්‌ හලාගන්න. බටර් හා සීනි හොඳින් බීට්‌ කර ක්‍රීම් කරන්න. එම මිශ්‍රණයට බිත්තර එක බැගින් එකතු කරන්න. බිත්තර සියල්ල එකතු කළ පසු එයට හලාගත් පිටි එකතු කරන්න.   දැන් කජු, ආප්ප සෝඩා යෙදූ රට ඉඳි, රෝස්‌ එසන්ස්‌, ආමන්ඩ් එසන්ස්‌, වැනිලා , මුද්දරප්පලම් හා මිශ්‍ර කළ කුළුබඩු එකතු කරන්න. ***  කජු  හා මුද්දරප්පලම් එකතු කිරීමට පෙර කජු කුඩාවට කපා ගෙන ඒවා කෝන් පිටි ස්වල්පයක හොඳින් දවටා ගන්න. එසේ කරන්නේ ඒවා පහළට බැසීම වලක්වා ගන්නයි. මේ සියල්ල දැමූ පසු හිමිහිට පෙරලන්න. තදින් කලවම් කරන්න යන්න එපා.

තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක්‌ දමා විනාඩි 10ක්  පෙර රත් වූ උදුනක සෙ.අ 150 උෂ්ණත්වයේ විනාඩි 45 -  පැයක්  පමණ   බේක්‌ කරන්න. 
පිළිස්සෙන වේලාව අඩංගු වතුර ප්‍රමාණය අනුව වෙනස් වන්න පුලුවන්. ඒ නිසා ඉරටු කූරකින් ඇන ඇලෙන ගතිය ගිය පසුව ලිපෙන් බා ගන්න. මේ කේක් එක දිනක් පරණ වූ පසුව වඩා රසවත් වේ. පැණි බැසීම නිසා.  

** මිශ්‍ර කුළු බඩු සඳහා -

කරඳ මුංගු කරල් 5, කරාබු නැටි 3, කුරුදු කැබැල්ලක්‌, සාදික්‌කා මද 1/4 ගෙන හොඳින් කොටා එයින් තේ හැඳි 1  ක්‌..... ...

* පින්තූර අන්තර්ජාලයෙනි.