Monday, July 2, 2012

Fish Buns





මාළු පාන් - Fish Buns 

අවශ්‍ය ද්‍රව්‍ය :-


පාන් පිටි ග්‍රෑම් 750 
මාගරින් හෝ බටර් ග්‍රෑම් 100
දිය ලුණු කුඩු තේ හැඳි 1 - 1/2 
යීස්ට් ග්‍රෑම් 12 පැකට්ටුවක්.
මද රස්නෙ කිරි කෝප්පයක්
මද රස්නෙ වතුර කෝප්ප  1/2 යි
ගසා ගත් බිත්තර 2 යි
සීනි තේ හැඳි 1 - 2 1/2 


පාන්වල තවරා ගැනීම සඳහා බිත්තර කහමදයක් හා සීනි තේ හැඳි 1/2ක් පමන. 



සාදන  ක්‍රමය:-


පාන් පිටි හලා ගෙන පිරිසිදු වියලි පොඩි බේසමකට දමා ගන්න.  බටර්  දියලුණු කුඩු සමඟ පාන් පිටි හොඳින් මිශ්‍ර කරගන්න. වියලි පන් කුඩු ලෙස එනතෙක් මිශ්‍ර කරන්න. මැද වළක් සේ සාදා ගන්න. මේ අතර යීස්ට් ටික මද රස්නය ඇති වතුර හා සීනි සමඟ මිශ්‍ර කර පිපෙන්නට තබන්න.  විනඩි 10 - 15 වන විට මෙය හොඳින් පිපී උඩට එයි. මේ මිශ්‍රණය කලින් සාදා ගන්නා ලද පිටි මිශ්‍රණයේ වලට දමන්න. කිරි සහ ගසා ගන්නා ලද බිත්තර ද මෙයටම එකතු කර හොඳින් අනා ගන්න.  ගොඩාක් තද ගතියෙන් යුක්ත නම් වතුර ස්වල්පයක් හෝ වඩා බුරුල් නම් පිටි හෝ මිශ්‍ර කර අතේ නොඇලෙන ගානට බෝලයක් සාදා  ගන්න.
මෙම බෝලය ටික ටික ගෙන තෙල් තවරන ලද මේසයක  දමා හොඳින් අත් ගසා ගන්න. මෙහිදී අත්ල මේසය මතට තද කරමින් පිටි මෝලිය  දිග් අතට අත් ගැසීම හරිම වැදගත්. විනාඩි පහළවක් මේ ලෙස අත් ගැසූ පිටි මෝලිය හොඳින් රවුම් කර තෙල් ස්වල්පක් තවරා බේසමට දමන්න. තෙමනලද  තුවායකින් වසා පැ 1 1/2 - 2 ක් පිපෙන්නට  තබන්න.


හොඳින් පිපුන පසු මෙම පිටි මෝලිය දෙගුණයක් තරම් වනු ඇත.  මෙය අතින් තද කර ආයෙමත් පෙර ප්‍රමාණයට  ගෙන තවත් විනාඩි දහයක් පමණ තබා කුඩා ප්‍රමාණයේ රවුම් සාදා ගන්න. මේසයක හෝ ලෑල්ලක තුනී කර ඒ මැදට මාළු මිශ්‍රණය දමා ලියුම් කවරයක් ආකාරයට තුන්මුලස් ආකාරයට නවා ගෙන බිත්තර සුදුමද වලින් අලවා ගන්න. මෙම මාළු බනිස් තවත් පැය 1/2 ක් පිපෙන්නට තබන්න. ඊට පසු බිත්තර කහමද හා සීනි උඩින් තවරා (බ්‍රශ් කර ) සෙල්සියස් අංශක 200 ක පමණ උෂ්ණත්වයකින් යුතු පෝරණුවක විනාඩි 15 - 20 ක්  පුලුස්සා ගන්න. 



මාළු  මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-


මාළු හෝ සාඩින් ග්‍රෑම් 250 
අල ග්‍රෑම් 500
ලොකුලූණු ග්‍රෑම් 250
කුරුඳු  පොතු කැබැල්ලක්
කරද මුංගු ස්වල්පයක්
කරපිංචා සහ කොත්තමල්ලි කොල ස්වල්පය බැගින්
ගම්මිරිස් කුඩු , මිරිස් කුඩු සහ ලුනු කුඩු ස්වල්පය බැගින්.
අමු මිරිස් කරල් 5ක් පමණ
දෙහි ස්වල්පයක්.
තෙල්.


අල තම්බා පොඩි කර ගන්න. මාළු තම්බා හෝ සැමන් නම් පොඩිකර ගන්න.  ලූනු සහ අමු මිරිස්, සුදු ලූනු, ඉඟුරු ,කරපිංචා , කොත්තමල්ලි කොල හීනියට ලියා ගන්න. තෙල් රත්කර එයට සුදු ලූනු ඉඟුරු හා ලියා ගත් ලූනු දමා  බැද ගන්න. එය රන්වන් පාට වූ පසුව මාළු සහ අල හා අනෙකුත් ද්‍රව්‍ය දමා කලවම් කර තම්බා නිවෙන්නට හැර පදමට ලුනු ඇඹුල් දමා ගන්න. මෙම මිශ්‍රණය කදිම පිරවුමකි.


Fish Buns



Ingredients 


750 g Flour (plain)
100 g butter or margarine  

1-1/2 tea spoon salt
1- 2 1/2 tea spoons sugar
12 g yeast - dry
1 cup milk  (fresh milk or lightly done milk powder )
½  cup moderate warm water

2 eggs lightly beaten
Topping / glazing
1 egg yellow
1/2 tea spoon sugar




How to make the bread dough:- 

Add yeast to a bowl with 1-1/2 tea spoon of sugar. Mix well and sprinkle 2 tea spoons of water on it. Leave for 2 mints covered in a warm place.
Mean while add flour to a dry bowl, add butter and given salt mix well till it flakes out like bread crumbs. Make a hole in the middle.
Add 1/4 cup of warm water to the yeast mix. Mix well until dissolved. Add the rest of the water cover and keep for 10 mints in a warm place. The yeast should bubble up.
Now add yeast to the hole made in the middle of the flour mix.
Keep mixing and then add 1 cup of milk little by little until the mix becomes a non sticky ball (this mix should not stick to your fingers or the bowl)
Take the dough to a flat chopping board sprinkled with flour.
Knead well using your hands continuously for 15 mints until it gets fluffy and soft.
Don't break the dough in to pieces while mixing. Use the palm to press the dough.
After 15 mints rub little oil to the  bowl & the mixture  should be soft & non sticky after kneading. Make a ball with a oily hand & put the dough to the bowl and cover with a wet cloth leave for 1 ½ to 2 hrs. 

(now its time to make the filling as you like)

After 1  1/2  hrs  dough becomes doubled the size. Knock dough down. (Poke your finger to the dough then it will go back to its original size )   Leave again for 10 mints. After 10 mints separate the dough into about 15 – 20  balls.
Spread on a flat board sprinkled with flour.
Spread it in a shape of a triangle with a rolling pin or using your hand keep the triangle pointing up add the filling to the bottom of the triangle and fold the three edges like an envelope. This can be  make like bread rolls. Roll each portion into a ball & place on a baking tray & keep for about 15 - 20 min to double in size.
You can make average size of 15 – 20  buns.

Now for topping/glazing
Mix egg yellow with given amount of sugar. Brush the egg yellow on top of each bun.

Bake the buns for 15 - 20 mints in 200 degree of Celsius in a pre- heated oven. Depending upon the size of the bun adjust the heat accordingly. Bake until the top becomes golden brown.

Filling 
fish potato savory mix or
chicken or vegetarian version as you like.

Make the filling:-
500g potato
250g onion
250g sardine or tuna  fish boiled  
Cinnamon stick
 4 – 5 Green chilies  
1 tsp garlic & ginger finely chopped.  
Few curry leaves
One sprig of coriander leaves
1 tsp pepper, 1tsp salt
½ tsp red chilly powder
¼ tsp Cardamom powder 
1 tsp lemon juice
little oil to temper.

Boil potato & grate them.
Crush fish in to a small flacks
Chop  onion , green chilies, coriander leaves , & curry leaves .
Put  oils in a pan to  heat. When it’s hot  add garlic & ginger. When it’s brown add onion keep it to brown & add potato & fish & other ingredients to the mixture. Mix well in a simmering point for few minutes  & leave it to cool .  Then your mixture is ready to fill the bun. 


Enjoy Fish buns with tea or coffee. 






2 comments:

  1. I love making fish buns. I have different recipie. want to try this. all my friends , even kid's friends love this. Specially my korean friends. thanks

    ReplyDelete
  2. @Bindi;
    Thanks for the comment. Some recipes are different but they give you the same results. If you Love cooking you will know the difference.

    ReplyDelete