Friday, July 20, 2012

Pineapple Upside Down Pudding






අද හදන්නෙ අන්නාසි උඩයට පුඩිම. හරිද මන්දා පෙරලුවා. ( Pineapple Upside Down Pudding ) මේක හරිම රසවත් වගේම හොඳ අතුරුපසක්. අන්නාසි අපේ රටේ කොච්චර තියෙනවදඒ නිසා අපි හදල බලමු. 




Preparation time 15 minutes,
Cooking time 50 minutes,
Oven temperature 180°C, 350°F, gas 4

Ingredients

25 g (1 oz) butter
50 g (2 oz) soft brown sugar
227 g (8 oz) can pineapple rings, drained
4 glace cherries, halved

For the sponge
100 g (4 oz) butter, softened
100 g (4 oz) caster sugar
2 eggs, lightly beaten
1/4 teaspoon mixed spice & Pineapple juice  4  Tbs .
200g (6 1/2 oz) self- raising flour, sifted

Method

1.        Lightly grease a 15-cm/6-in round cake tin. Melt the butter in a saucepan, add the sugar and pour over the bake of the tin. 

2. Arrange the pineapple rings and cherries decoratively in the base, placing the cherries rounded side down.

3. To make the sponge mixture, beat the butter and sugar until soft and creamy. 

4. Gradually beat in the eggs and using a metal spoon, fold in the spice and flour. 

5. Spoon the mixture over the fruit in the tin, carefully smooth the top and bake in a moderate oven for about 50 minutes or until the sponge is firm and golden.

6. Turn out the sponge on to a serving plate, and serve immediately with custard or cream.

To make custard cream you need 4 Tbs custard powder & 2 cups of milk 3tbs sugar. Mix all the ingredients well & cook in low heat in a double saucepan until it thickens.  Serve hot.

Other canned fruits can be used in this recipe. Try apricot halves, peach halves or slices, or pear halves.

If you like, make a quick jam sauce to serve with the pudding. Heat 225 g (8 oz) jam in a saucepan with the juice from the fruit. 

Stir to prevent sticking, then strain before serving.



අන්නාසි ගෙඩියක් මුලින්ම ඇස්ස ඇරල අර මනමාලයා වාගෙ කපා ගන්න ඕනෙ. මොකද ඇස් තිබුනම ලස්සනක් නැති නිසා. ඒ ගෙඩිය අඟල් 1/4 ක් වගේ මහත රවුම් වලට කපා ගන්න. නොගැඹුරු  භාජනයකට දමන්න. මේ රවුම් කැඩුනොත් එහෙම ඒවා හීනියට කොටු කපල  ඒ භාජනයටම දමන්න. සීනි ග්‍රෑම් 50 ක් පමණ දමා පිරිසිදු වතුර ඒ කියන්නෙ උණුකර නිවාගත් වතුර නම් වඩා හොඳයි කෝප්ප 1/4 ක් විතර එයටම දමා ,එය ලිපේ තබන්න. මද රස්නෙන් එය තම්බා ගන්න. තම්බනවිට එහි ඉස්ම උකුවී පැණි ස්වභාවයක් ගනී.

මෙය ගොඩ වෙලාවක් තම්බන්න එපා. එහෙම කලොත් අන්නාසි ඕනෑවට වඩා තැම්බිලා ලස්සන යනවා. ඒ නිසා ඔබට වෙළද පලේ ගන්න පුලුවන් නේද  අන්නාසි රවුම් තම්බා දමපු ටින්, අන්න ඒ ගානට තම්බා ගත්තාම ඇති. පිට රට ඉන්න අයටත් අපේ රටේ ඉන්න කාර්ය‍ය බහුල අයටත් ටින් ගන්න එක තමයි පහසු. හැබැයි ගෙවල් වල ඉන්න ගෘහණියන් නම් මේ විදිහට අන්නාසි ගෙඩිය අරන් තම්බලා ගන්නවනම් හොඳයි. 

මෙහෙම සකස් කරගත්ත අන්නාසි රවුම් නිවෙන්නට හරින්න. මැද කොටස හොඳින් කැපෙන පිහිතුඩකින් පරිස්සමෙන් පොඩි රවුමක් (චෙරි ගෙඩියක ප්‍රමාණය )  කපා ගන්න.

දැන් ඔබට පුලුවන් ස්පොන්ජ් කේක් මිශ්‍රණය සාදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:-

බටර් ග්‍රෑම් 100 යි
සීනි ග්‍රෑම් 100 යි
බිත්තර 2යි
බේකිං පවුඩර් තේ හැඳි ක්
කුරුඳු කුඩු හා සාදික්කා කුඩු ස්වල්පයක් ( තේ හැඳි 1/4 ක් පමණ )
හලා ගත් පාන් පිටි ග්‍රෑම් 200 යි.
අන්නාසි යුශ  මේස හැඳි 4 ක්

මුලින්ම අපි කේක් ටින් එක හදා ගන්න ඕනෙ.  අඟල් 6 ක  රවුම්  කේක් ටින් එකක් අරගෙන එහි හොඳින් බටර් තවරා ඒ මත අන්නාසි යුශ යන්තමට  හා සීනි යන්තමට ඉසගන්න ඕනෙ. සීනි වැඩි උනොත් එය කරවී අවපැහැ වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සෙ අර කලින් හදා ගත්ත අන්නාසි රවුම් ඒ ට්‍රේ එකේ අඩියෙ ලස්සනට අහුරා ගන්න. සමහර තැන්වල වටේට වගේ ඔබට රවුම දෙකට කපලා ගන්න සිදු වෙනව. ඔබ එය සරසන විදිහ අනුව වෙනස් කරගන්න. චෙරි ගෙඩිය දෙකට පලලා රවුම් පැත්ත යටට හිටින්න අන්නාසි මැද කපාපු රවුම මත තබන්න. දැන් ට්‍රේ එක ලෑස්තියි.

ඔබ දැන් කෙක් මිශ්‍රණය සාදා ගන්න. පලමුව බටර් හා සීනි ක්‍රීම් වනතෙක් බීට් කරන්න. හොඳින් බීට් උනාම බිත්තර එයට වෙන වෙනම කඩා දමා බීට් කරගන්න.

 අපේ ලංකාවෙ ඉන්න අය බිත්තර හොඳින් සෝදන්න අමතක කරන්න එපා. ගොඩාක් දරුවන්ට හැදෙන බඩේ අමාරු එහෙම හැදෙන්නෙ මේව සෝදලා ගන්නෙ නැති නිසා. අනෙක බිත්තරය එක පාරටම කඩල දාන්න යන්න එපා. වෙන වෙනම එය පොඩි භාජනයකට කඩල දාන්න. එහෙම කරන්නෙ හදිස්සියෙ එකක් නරක් වෙලා තිබුනොත් සේරම විසිකරන්න වෙන නිසයි. මේ වගේ පොඩි පොඩි දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ.

ඉතින් බිත්තර දාල බීට් කරගත්ත මිශ්‍රණයට හිමිහිට අන්නාසි යුශ මේස හැඳි 4 ක්, සාදික්කා, කුරුඳු කුඩු හා පිටි හා බේකිං පවුඩර් ටික මිශ්‍ර කරල පෙරලා ගන්න ඕනෙ. පිටි දැම්මාම වැඩිය බීට් කරන්නෙ නෑ.

කැමති පාටක් දාගන්නත් පුළුවන්. මම නම් කැමති මේක හැදෙන පාටටම.

දැන් ඔබේ කේක් මිශ්‍රණය ලෑස්තිනෙ.

 මේ මිශ්‍රණය සකස් කරගත් කේක් ට්‍රේ එකට දමල හොඳින් පැතලි කරල 180°C, 350°F, gas mark 4  ගානට රත් වෙච්ච උඳුනක විනාඩි 40 - 50 ක් පුලුස්සා ගන්න ඕනෙ.

දැන් ටිකක් නිවෙන්න තියල ලස්සන පැතලි බඳුනක ට  අනෙක් පැත්ත හරවල හිමිහිට තට්ටු කලාම මේක අන්නාසි රවුම් සමඟ ලස්සනට හරවා ගන්න පුළුවන්.


මේ පුඩිම සාමාන්‍යයෙන් ගන්නෙ රස්නෙන් හදාපු කස්ටඩ් ක්‍රීම් සමග.  ලස්සනට කෑලි කපල ක්‍රීම් දමා ගත්තහම හරිම කදිමයි.

කස්ටඩ් ක්‍රීම් සාදා ගන්නෙ කස්ටඩ් පවුඩර් මේස හැඳි හතරක් කිරි කෝප්ප දෙකක් හා සීනි මේස හැඳි 3 ක්  සමඟ හොඳින් මිශ්‍ර කරල මද රස්නෙන් උකු වන තෙක් හැඳිගාමින් පිස ගන්න ඕන.

මේ විදිහටම පීචස් හරි ඇප්‍රිකට්  හරි දමා ගන්නත් පුලුවන්. මම සැම්බියාවෙ ඉන්න කොට මේ දෙවර්ගයම එකතු කරල හැදුවා. එහේ අපිට දකුණු අප්‍රිකාවෙන් එන පලතුරු ටින් ගන්න පුලුවන්.

ඉතින් එහෙමනම් හදල මටත් කියන්නකො කොහොමද? පුඩිමෙ රස කියල.

9 comments:

  1. looks yummy. never tried sponge cake. want to try. thanks a lot

    ReplyDelete
    Replies
    1. Thanks for the comment Bindi Nangi. Of course You can try this. It's very nice. Your kids will love.

      Delete
  2. අදයි අහම්බෙන් වගේ මේ පැත්තට ආවෙ.... හොඳ හොඳ කෑම ටිකක් තියෙනවා වගේ.... අර වටලප්පම නම් කොහොම හරි හදනවා මම.... මේ දවස්වල මට ඕක මතක් වෙවී තිබ්බෙ.... බැලුවම මේ පුඩිමත් හදන්න එච්චර අමාරු නෑ වගේ.... අද මෙහේ 'තාත්තලාගෙ දිනය'.... ඒ නිසා දෙකෙන් එකක් හදන්න ඕන... බොහොම ස්තුතියි චන්දි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මියුරු මේ පැත්තෙ ආවට. හදල ඉවර වෙලා මටත් කියන්නකො කොහොමද? කියල.

      Delete
  3. අපිට කොයින්ද මෙහෙම කෑම හදන්න හැකියාවක් ....

    අම්මටවත් කියල බලන්න ඕන ...

    ReplyDelete
    Replies
    1. එකනෙ රොබින් උයන්නත් ඉගෙන ගත්තොත් නරකයැ. එහෙම නැත්නම් උයන්න පිහන්න දන්න කෙනෙක් ගේන්න වෙයි නේ......

      Delete
  4. http://www.pettahmarket.com/p/home.html

    ReplyDelete
  5. අනේ මේක Microwave Oven එකක හදන්න පුලුවන්ද? එහෙමනම් මට රත් කරන්න ඕන ප්‍රමාන කියන්න පුලුවනිද?

    ReplyDelete
    Replies
    1. දුව , මම මයික්‍රොවේව් එකේ කේක් නම් හදලා නෑ. ඔයාගෙ මයික්‍රොවේව් එකේ කේක් වලට ගන්න සෙටින්ස්ම ගන්න. පාට බ්‍රවුන් උනේ නැති වුණාට කමක් නෑ. මේ පුඩිම කස්ටඩ් එක්ක කන නිසා. සොරි පරක්කු උනා පිළිතුරට.

      Delete