Saturday, July 7, 2012

වටලප්පන් - Watalappan

    අපි අද වටලප්පන් හදමු.      රස බලමු.








Watalappan  

Ingredients:-

500g good Kithul  jagarry
10 eggs
2 1/2 cups  coconut milk
1 tea spoon vanilla
Kaju nuts 50 g
finely grated nut meg  
Raisins 30 g


First grate the jugarry and put it to the bowl.  Get  coconut milk thick & moderate milk 2 ½ cups  and mix with jagarry with a beater.  Beat eggs separately. Put eggs in to the jagarry mixer as well as  nutmeg & Vanila . Beat it around 5 – 10  mins  and put Cashew nuts & raisins coated with little corn flour  in to the mixer . 


Decorate top with cashew half’s.   Bake in a moderate oven 180Ÿc  for 45 min to 1hr . You can put a kebab stick  to see whether it’s  well done . If the stick doesn't  get coated with the mixture it’s done. 


This  can be steamed. I prefer when steamed because it’s more softer & puffy.  



වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය:-


උසස් තත්වයේ කිතුල් හකුරු ග්‍රෑම් 500 යි
උකුවට මිරිකා ගත් හා දියර  පොල්  කිරි කලවමට කෝප්ප 2 1/2 යි
බිත්තර  10 යි
කුඩුකර ගත් සාදික්කා කුඩු තේ හැඳි 1 ක්
වැනිලා ස්වල්පයක්
කෝන් පිටි වල තවරා ගත් කජු කැබලි ග්‍රෑම් 50 ක් හා පලාපු කජු පියලි ස්වල්පයක්.
මුද්‍රප්පලම් ග්‍රෑම් 30, කෝන් පිටි වල තවරා.


පළමුව හකුරු ග්‍රේටරයකින් ගා ගන්න. පොල් කිරි හා  මිශ්‍ර කර බීටරයකින් කලවම් කර ගන්න. බිත්තර ගසා එයටම හකුරු මිශ්‍රණය දමා හොඳින් බීට් කර ගන්න. විනාඩි 5 ක් පමණ. මෙහිදී හකුරු හොඳින් දිය විය යුතුයි.

එයට වැනිලා හා සාදික්කා කුඩු එක්කර ගසා ගන්න.

ඊට පසුව එයට කජු කැබලි හා මුද්‍රප්පලම් එක් කර ගන්න. භාජනයකට දමා මද රශ්මිය ඇති උඳුනක පුළුස්සා ගන්න.  බාගෙට තැම්බී එනවිට කජු පියලි වලින් උඩ සරසා ගන්න.

විනාඩි 45 ත් පැයක් පමණ වෙලා පිලිස්සීමට ගතවන කාලයයි.උඳුනේ පිලිස්සුනාම වටලප්පන් වල පාට ලස්සනයි. තෙත ගතියෙන් අඩුවට පැණි පාටට තියෙනවා. ටික දිනක් තියාගන්නත් පුළුවන්.





මම නම් ආස   වටලප්පන්  වාෂ්පයෙන් තැම්බුවාමයි.  එවිට එය වඩා මෘදු ගතියකින් හා පැණි ගතියකින් යුක්ත නිසා.  වතුර භාජණයක් මත තබා කට හොඳින් වතුර නොයන ලෙස බැඳ ලිපේ තබා තම්බා ගන්න. කුඩා කූරකින් ඇන එය තැම්බී ඇති දැයි බලන්න. මිශ්‍රණය එහි නොඇලේ නම් එය තැම්බී ඇති බව පෙනේ. වාෂ්පයෙන් තම්බන විට පැයකට වඩා කාලය ගතවේ. 


මයිකොවේව් උඳුනේ එහි ඇති උපදෙස් අනුව වාෂ්පයෙන් තම්බා ගත හැක.

3 comments:

  1. I use less eggs. may be my quantity is less too. will try this.thanks for the recipie

    ReplyDelete
  2. @ Bindi;
    Thanks for your comment Nangi. Love to see you in this blog.
    You are an adorable mother to your two little daughters.

    ReplyDelete
  3. එල එල .. දිගටම උ යන්න

    ReplyDelete