Sunday, April 21, 2013

රට ඉඳි කේක් :-




රට ඉඳි කේක් :-

අවශ්‍ය ද්‍රව්‍ය :-

රට ඉඳි ග්‍රෑම් 500
ආප්ප සෝඩා තේ හැඳි 2 ක්
වතුර මි.ලී 125
බටර් ග්‍රෑම්  250
පාන් පිටි ග්‍රෑම් 250 ක් 
සීනි ග්‍රෑම් 250
**රට ඉඳි වල සීනි ඇති නිසා අවශ්‍යය නම් සීනි ප්‍රමාණය ග්‍රෑම් 75ක් පමණ අඩු කරගත හැක.
බිත්තර 6 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1ක්
කජු ග්‍රෑම් 150
මුද්දරප්පලම් ග්‍රෑම් 100 ක්
රෝස්‌ එසන්ස්‌ තේ හැඳි 1/2 ක්
ආමන්ඩ් එසන්ස්‌ තේ හැඳි  1 ක්
මිශ්‍ර කුළු බඩු තේ හැඳි 1
වැනිලා තේ හැඳි  1




සාදන ක්‍රමය :-


රට ඉඳි කුඩා කැබලිවලට කපා ඇට ඉවත්කර වතුර හා ආප්ප සෝඩා එකතු කර එය රට ඉඳිවලට දමා පැය 8 ක්‌ පෙඟෙන්න තබන්න.

පිටි හා බේකින් පවුඩර් එකට දමා තුන්වරක්‌ හලාගන්න. බටර් හා සීනි හොඳින් බීට්‌ කර ක්‍රීම් කරන්න. එම මිශ්‍රණයට බිත්තර එක බැගින් එකතු කරන්න. බිත්තර සියල්ල එකතු කළ පසු එයට හලාගත් පිටි එකතු කරන්න.   දැන් කජු, ආප්ප සෝඩා යෙදූ රට ඉඳි, රෝස්‌ එසන්ස්‌, ආමන්ඩ් එසන්ස්‌, වැනිලා , මුද්දරප්පලම් හා මිශ්‍ර කළ කුළුබඩු එකතු කරන්න. ***  කජු  හා මුද්දරප්පලම් එකතු කිරීමට පෙර කජු කුඩාවට කපා ගෙන ඒවා කෝන් පිටි ස්වල්පයක හොඳින් දවටා ගන්න. එසේ කරන්නේ ඒවා පහළට බැසීම වලක්වා ගන්නයි. මේ සියල්ල දැමූ පසු හිමිහිට පෙරලන්න. තදින් කලවම් කරන්න යන්න එපා.

තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක්‌ දමා විනාඩි 10ක්  පෙර රත් වූ උදුනක සෙ.අ 150 උෂ්ණත්වයේ විනාඩි 45 -  පැයක්  පමණ   බේක්‌ කරන්න. 
පිළිස්සෙන වේලාව අඩංගු වතුර ප්‍රමාණය අනුව වෙනස් වන්න පුලුවන්. ඒ නිසා ඉරටු කූරකින් ඇන ඇලෙන ගතිය ගිය පසුව ලිපෙන් බා ගන්න. මේ කේක් එක දිනක් පරණ වූ පසුව වඩා රසවත් වේ. පැණි බැසීම නිසා.  

** මිශ්‍ර කුළු බඩු සඳහා -

කරඳ මුංගු කරල් 5, කරාබු නැටි 3, කුරුදු කැබැල්ලක්‌, සාදික්‌කා මද 1/4 ගෙන හොඳින් කොටා එයින් තේ හැඳි 1  ක්‌..... ...

* පින්තූර අන්තර්ජාලයෙනි.

Saturday, January 5, 2013

UPUMA



UPUMA    


Ingredients:


1 cup Rava / Sooji (Semolina) 
25 gms fried Cashew Nuts (optional)
1 inch Ginger chopped
1 chopped Onion
3 Green Pepper cut sideways
1 Potato chopped
1 Red pepper cut sideways
2 Carrot chopped
1/4 cup Green Peas frozen or fresh
1 tsp Mustard Seeds
1 tsp Urad Daal
1 tsp Channa Daal
Salt to taste
1/2 tsp Turmeric Powder
Chili powder to taste (optional)
50g of sultana .
2 tblsp Oil
Few curry leaves
Finely chopped coriander leaves
1 tblsp Ghee or butter
Lemon juice to taste

How to make rava uppma:



• Sift rava through a muslin / cheese cloth or very fine sieve.
• Heat 1tbsp. pure ghee / unsalted butter and fry rava ,on a moderate heat, stiring constantly to light brown color and set aside.


• Now heat 2 tbsp oil in a pan and add mustard seeds and allow them to splatter.


• Add the daals : channa & urad & curry leaves to it and fry till they turn red. ( if you can’t get dhal pl. omit as it’s optional. ) 


• Add onion, ginger and green chilies. Sauté for 2-3 minutes.
• Add all the vegetables, turmeric & chili powder, and salt to taste.


• Now add 3 cups of water and cover the pan and allow it simmer on low heat until the vegetables are done.


• Add the fried rava to it stirring constantly till it becomes little thick.


• Take off from the heat and lemon juice if desired.


• Serve hot garnished with cashews and coriander leaves.


• For better taste you can add minced chicken , bacon ends & few eggs beaten to the vege mixture.









උප්පුමා 

අවශ්‍යය ද්‍රව්ය - 


රුලං  කෝප්පයක්

බැදපු කජු මද ග්‍රෑම් 25 ක්

අඟලක පමණ ඉඟුරු කැබැල්ලක් හීනියට කපා හෝ හොඳින් තලා.

බී ලූණු ගෙඩියක් හීනියට ලියා ගන්න.

ග්‍රීන් පෙපර් නැමති සලාද වලට ගන්න කොලපාට ලොකු මිරිස් 

ගෙඩියක් කුඩා කොටු කපා ගන්න.

අල ගෙඩියක් කුඩා කොටු කපා ගන්න.


රතු සලාද මිරිස් ගෙඩියක් කුඩා කොටු කපා.   ( රෙඩ් පෙපර් )

කැරට් ගෙඩි දෙකක් කුඩා කොටු කපා.


ග්‍රීන් පීස් ඇට කෝප්ප 1/2 ක් පමණ

අබ ඇට තේ හැඳි 1 ක්

උළුඳු ඇට තේ හැඳි 1 ක් 

කඩල පරිප්පූ තේ හැඳි 1 ක්

පදමට ලුනු

කහ කුඩු තේ හැඳි 1/2 ක් 

මිරිස් කුඩු අවශ්‍යය පමණට.

මුද්‍රප්පලම් 50g  ක් 


තෙල් මේස හැඳි 2 ක්


කරපිංචා අවශ්‍ය ප්‍රමණයට්.

පොඩියට කපා ගත් කොත්තමල්ලි කොල

ගී හෝ බටර් මේස හැඳි 1 - 2 ක්'


දෙහි ඉස්ම අවශ්යය පදමට


උප්පුමා සාදන ක්‍රමය -  


• බටර් හෝ ගී දමා රත්වූ පසු කබලෙ රුලං බැද ගන්න. 

• අබ ඇට පුපුරන තෙක් බදින්න . 


• එයටම  පරිප්පු, කඩල පරිප්පු උලුඳු ඇට වැනි දේ   දමා   බැද 

ගන්න. 



සියළුම එළවළු තෙම්පරදුවට එක් කරන්න

• වතුර කෝප්ප 3 ක් දමා එළවළු  යන්තම් තැම්බෙන්නට හරින්න.

• එයට රුලං එක්කට යන්තම් තැම්බෙන විට ලිප නිවා වසා තබන්න. 

•ලිපෙන් එළියට ගෙන දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කරගන්න. 


උණුවෙන් ම එයට කජු හා මුද්‍රප්පලම් අනෙකුත් ද්‍රව්යය එක් කරන්න. 


• රසවත්වම අව්ශ්‍යය නම් එයට බේකන් කැබලි , කුකුලු මස් හා 

සොසෙජස්  හෝ බිත්තර ද එක් කරගන්න පුලුවන්. 

බොහෝ විට මෙය එළවළු පමණක් යොදා සාදා ගන්නා ඉන්දියානු කෑමකි.


Tuesday, December 4, 2012

Broken Glass Jelly Pudding.


This pudding is very easy to make & very nice.  







5   boxes   of Jelly   in different colors. I used strawberry, lime, orange, blue and Green 





1  can sweetened condensed milk  

2 envelopes unflavored gelatin


Now  add 1 cup of water to each box of colored Jelly & make jelly in separate  boxes or containers.  
After chilling the five  flavors, cut them into small blocks. 1/2'' - 1" square blocks. 


For each flavor, dissolve one box of jelly  in one cup of boiling water. Pour into a container and chill (overnight is probably best, until firm).

Please note: Only add 1 cup of water to each box of colored Jelly. Use only 1 cup of water so the Jelly  is firm and can be cut into blocks.





In a separate bowl, sprinkle 2 envelopes unflavored  gelatin into 1/2 cup cold water. After the gelatin blooms, add 1 1/2 cup boiling water and dissolve. Add the can of condensed milk. Stir well  and leave to cool. Mixed the mixture  well in a mixing bowl.   Pour cooled milk & gelatin mixture over jelly cubes  and chill overnight.




Cut in to 2 1/2 " square blocks & serve.



Tuesday, November 6, 2012

Cashew Curry


Sri Lankan Cashew Curry


This is a fantastic dish to serve with white rice.

INGREDIENTS

1 lbs raw, cashews/cashew pieces
1/2 large onion
1 tbsp ginger-garlic paste
1 sprig curry leaves
1 tbsp tomato paste
1 tbsp umbalakada (maldives fish)
1 tsp paprika
1/2 tsp chili powder
1 tsp turmeric
2 cloves
2 cardamom pods
1 cinnamon stick
3 tbs coconut milk powder (in 2 cups of water)
Salt to taste
1Tbs  black curry powder. 

DIRECTIONS


1. Soak cashews in water overnight until they are very soft.

2. The next day, rinse them under running water, and set them aside.

3. Heat oil in a large pan, and add onion, ginger-garlic paste, curry leaves, tomato paste, paprika, chili powder, cinnamon, cardamom and cloves, and turmeric.

4. Keep stirring on medium-high until the onions fully carmelize and form a paste with the dry spices and tomato paste (add some water as needed to keep the paste going). Keep sauteeing the mixture for about 10 minutes. (Be careful not to let the spices burn).

5. Add the cashews into the pan and mix well. Now add coconut milk. You may add a bit more water to fully cover the cashews if needed.

6. Bring to a boil, cover, turn down the heat, and keep simmering for about 1/2  hours until the cashews are soft. Add salt to taste. Then add black curry powder.

7. When the cashews are fully cooked (mash easily with a fork), turn up the heat a bit and cook with the lid off until the gravy becomes thick & oily. 


කජු කරිය

කජු මද ග්‍රෑම් 500
ලොකු ළුණු ගෙඩියක්
ඉඟුරු සුදු ළුණු ස්වල්පයක් තලා ගෙන
කරපිංචා ඉත්තක්
තක්කාලි ඉස්ම ස්වල්පයක්
උබලකඩ මේස හැන්දක් පමණ
මිරිස් කුඩු තේ හැන්දක්
කහ කුඩු තේ හැන්දක්
බැදපු තුන පහ මේස හැන්දක්
කරද මුංගු , කරාබු නැටි කුඩු ස්වල්පයක්
කුරුඳු පොතු ටිකක්

දිය කිරි ස්වල්පයක්
පොල් කිරි කෝප්ප දෙකක්
ලු
නු පදමට



පළමුව කජු මද රැයේ පෙඟෙන්නට දමන්න. පසුවදාට වතුර බේරා හැර තෙම්පරාදුවක් සාදා එයට ළුණු, කරපිංචා, සුදු ළුණු, ඉඟුරු, ආදී සියල්ල දමා මදක් බැදුනු පසුව එයට කජු මද දමා තැම්බෙන්නට හරින්න. දිය කිරි ස්වල්පයක් දමා පළමුව තම්බා ගන්න.  හොඳින් තැම්බුනාට පසුව මිටිකිරි හා බැදපු තුනපහ දමා තෙල් පෑදී කිරි හිඳෙන තෙක් පිස ගන්න. ලුනු පදම බලා ලිපෙන් බා ගන්න.

Saturday, October 13, 2012

ඉට්ලි




අපි අද ඉට්ලි හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:-
සුදු උළුඳු කෝප්ප 2 යි
සම්බා සහල් හෝ බාගෙට තැම්බූ නාඩු සහල් කෝප්ප 4 යි
උළුහාල් තේ හැඳි 1/2ක් පමණ

උයාගත් බත් ස්වල්පයක්.
අවශ්‍යය පමණට ලුණු
බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

හාල් සහ උළුඳු වෙනවෙනම පොඟවා පැය 6 - 8 ක් තබන්න. උයාගත් බත්, උළුහාල් ද  මේ එක් වර්ගයකට එකකරගන්න.  ඉන්පසු හොඳින් ගරා වෙන වෙනම අඹරා ගන්න. ඇඹරීමේදී ග්‍රයින්ඩරය රත් නොවනසේ අඹරාගන්න. මදක් කැබලි හිටින්නට ඇඹරිය යුතුයි. මේ දෙවර්ගයම එකට එක්කොට යලිත් අඹරන්න. බේකිං පවුඩර් ද මෙයට එක් කරන්න.  ඒ මිශ්‍රණය පිපෙන්නට පැය 6 ක් පමණ තියන්න. මේ මිශ්‍රණය පිපුණ පසුව ඉට්ලි මොල්ඩ් එකක විනාඩි 10 - 15 ක් ස්ටීම් කර තම්බා ගන්න.





Idli

  • 4 cups par boiled rice/Samba  Rice
  • 2 cup Urad dal
  • salt to taste
  • about a fistful of cooked rice  
  • few Fenugreek seeds about 1/2 tsp .
  • baking powder 2 tsp

Soak the Urid Dal  and par boiled rice separately for at least 6-8 hrs.
I have used Wet grinder to make my batter but you can do the same with your food processor. 
First add the rice in your grinder and grind it well. The batter will not be smooth but little coarse-grained.

Remove and set aside in a large bowl. In the same grinder ( you don't have to wash/clean) Urad dal add the along with cooked rice.
Grind it once again. This takes longer and the more you grind, better the idlis. You need to keep adding little water now and then. You will notice that the batter doubles up in volume when ground. When the batter is smooth ( feels like satin), remove and pour it along with rice batter. Add salt, baking powder mix well and set aside.
The next day, after fermenting, stir the batter well.
You can use small bowls if you don't have these plates to make them too. Pour out the batter in each of the plates.  You can use a steamer. Cook for 10 in high flame and then lower it to min for last 5.

පොල් සම්බලය;

ගා ගත් පොල් බෑයක්
කොත්තමල්ලි කොළ
කරපිංචා කොළ
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු කුඩු ස්වල්පයක්
සුදු ළුණු බික් දෙක තුනක්
අමු මිරිස් කරල් පහක් පමණ
රතු ලූණු ගෙඩි පහක් පමණ

දෙහි ඉස්ම ස්වල්පයක්

මේ සියල්ලම එකට අඹරා ගන්න. පදමට ලුණු හා අනෙකුත් දේ දමා ගන්න.


Friday, October 5, 2012

Fish cutlets.





These  are delicious as a snack with evening tea or as a side dish for lunch or dinner.
Serves 8-10 people


Ingredients:
1 15-oz can of Salmon or Jack mackerel
3 big onions finely chopped
Few cloves of garlic
1’’ ginger piece.
4 green chilies finely chopped (optional )
1/2 lb (500g) potatoes
1/2 bottle frying oil
4-5 curry leaves / you can use coriander leaves or mint if you like.
1/2 lime
3 egg whites
1/4 lb ( 250g – 300g ) bread crumbs
salt and pepper to taste  (if you like hot 1 tsp chili powder ) 


Method:
Boil and skin the potatoes. Mash the potatoes. Drain the 
water from the fish can. Break the fish into small pieces.
Heat 2 tbsp of oil in a pan under medium heat. When the 
 oil is hot and the finely  chopped garlic & Ginger  & onions, green chilies  and curry leaves and fry till the onions are golden brown.
Now add the crumbled fish and temper for about 3-5 minutes.
Next add the mashed potatoes and season with salt and pepper
and mix well. If you like bit hot you can add 1tsp chili powder.
Remove the pan from heat and add the lime juice to the mixture and mix well.
Beat the egg white  in a bowl. Put the bread crumbs to a flat dish.
Make small balls from the fish mixture (about one inch diameter).
Soak the balls first in the beaten egg white  and then coat the 
balls with bread crumbs.
Heat the remaining oil in a frying pan and when the oil is very
hot add the coated fish balls and fry till golden brown. Makes 
about 30-40 cutlets.
Serve hot.

මාළු කට්ලට්




අවශ්‍ය ද්‍රව්‍ය
සැමන් ටින් 1
කුඩාවට කැපූ බී ළුණු ගෙඩි 3 ක්
තලා ගත් සුදු ළුුණු බික් 5ක් පමණ
තලා ගත් අමු ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
කුඩාවට කැපූ අමු මිරිස් කරල් 4 ක්
අල රාත්තල් ½
පොල් තෙල් බෝතල් ½
කරපිංචා ඉති 3-4 ක්
දෙහි ගෙඩි ½
බිත්තර සුදු මද 3 ක් 
බිස්කට් කුඩු
ලුණු හා ගම්මිරිස් කුඩු රස පදමට
ඔබට සැරට අවශ්‍ය නම් මිරිස් කුඩු තේ හැඳි 1 ක්


සාදන අන්දම:-  
            අල තම්බා පොතු හැර ගෙන පොඩි කර ගන්න. පසුව සැමන් ද ගෙන පොඩි කර ගන්න. කුඩා කෑලි වන ලෙස, පසුව තෙල් තේ හැදි 3 ක්  ලිප තබා, එයට මධ්‍යම ප්‍රමාණයට රත් වු පසු සුදු ළුුණු , ඉඟුරු සහ බී ළුණු, අමු මිරිස් හා කරපිංචා කොළ දමා ඒවා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
 දැන් එයට මාළු එකතු කර විනාඩි 3 – 5 ත් අතර බැද ගන්න .  පසුව පොඩි කර ගත් අල හා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු  එකතු කර ගන්න. පසුව එය ලිපෙන් බා ගෙන එයට දෙහි යුෂ එක් කරන්න. එය හොදින් මිශ්‍ර කර ගන්න.
 දැන් බිත්තර සුදුමද ය පමණක්  කඩා භාඡනයකට දමා ගන්න. බිස්කට් කුඩු වෙන භාඡනයකට දමා ගන්න. පසුව පළමු මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න.  කට්ලට් බිත්තර සාරු වල දවටා බිස්කට් කුඩු තවරා රන්වන් පැහැ වෙනතුරු  ගැඹුරු තෙලේ බැද ගන්න. 
සාමාන්‍ය ප්‍රමාණයේ කට්ලට් 30ක් පමණ සාදාගත හැක.

Saturday, September 15, 2012

Chocolate Biscuit Pudding




Chocolate Biscuit Pudding

2-3 packets of Marie biscuits

Milk to soak  biscuits  

250g icing sugar

250g Butter or Margarine 

3 eggs (separated)

50-100g cocoa

1 cup whipped cream

2 tablespoons brandy (Optional)

Chopped cashew nuts (Optional)

Chocolate curls from  dark cooking chocolate. 




Mix butter  and icing sugar till fluffy using a hand mixture.

Add the egg yolks, one at a time. Add the sifted cocoa 

powder (first add 50g, then more depending on color).

Beat the 3 egg whites till stiff and add to the chocolate 

mixture. Fold in whipped cream.  Add the brandy.


Soak the biscuits in some hot milk.


Arrange the pudding with alternate layers of the chocolate 

mixture and biscuits. Last layer with chocolate mixture on

 top. 


Add chopped cashew nuts on top with some chocolate curls. 



Chill before serving.

Chocolate Biscuit Pudding 



Method Two:


10 oz chocolate chips
8 ozs butter, at room temperature
3 eggs
10 ozs Marie Biscuits
3/4 cups sugar
1 cup whipped cream
1 cup milk
1 cup chopped cashew nuts
1 tbsp Rum (optional)
1 tsp Vanilla
Pinch of salt
Combine chocolate, rum, 1/4 cup water, and the vanilla in a heat-proof bowl. Set it over a pan of simmering water just until the chocolate melts. Cool completely to room temperature. Whisk butter until combined. Set aside.

Place egg whites, the salt, and 1 tablespoon of the sugar in a bowl. Beat on high speed until firm but not dry. 

Place the egg yolks and the rest of the sugar in a bowl. Beat on high speed until pale yellow. With the mixer on low speed, add the chocolate mixture. 

Whisk 1/4 of the egg whites into the chocolate mixture; then fold the rest in carefully with a rubber spatula.

Fold the whipped cream into the chocolate mixture.

Soak the Marie biscuits in milk slightly. Layer a bottom of a square pan with them. Next layer with chocolate mixture (about 1/2 inch high). Sprinkle with cashew nuts. Follow with another layer of soaked biscuits and then the chocolate mixture and cashew nuts. Continue layering until all of the chocolate mixture is over. Make sure that the top layer is chocolate mixture and cashew nuts.
Chill for at least 2 hours.

This is for you my dear Nangi Dona.    Enjoy!!!!!


චොක්ලට් විස්කොතු පුඩිම. 
අවශ්‍ය ද්‍රව්ය:
මාරි විස්කෝතු පැකට් 3ක් පමණ
එය පෙඟවීම සඳහා කිරි 
අයිසින් සීනි ග්‍රෑම් 250 ක්  
බටර් හෝ මාගරින් ග්‍රෑම් 250 ක්  
බිත්තර 4 ක් කහ මද හා සුදු මද වෙන් කර ගෙන. 
කොකෝවා පවුඩර් ග්‍රෑම් 50 - 100 ක්
ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්පයක්.
බ්‍රැන්ඩි හෝ රම් මේස හැන්දක් (අත්‍යවශ්‍ය නොවේ)
හීනියට කපා ගත් කජුමද 
තද පැහැති උයන්න ගන්නා චොකලට් (Cooking Chocolate) කර්ල්ස් මෙන් ග්‍රේටරයකින් ගාගන්න.

සාදන ක්‍රමය:
බටර් හා අයිසින් සීනි හොඳින් ක්‍රීම් වන තෙක් බීටරයකින් ගසා ගන්න. 
බිත්තර කහ මද එක බැගින් එයට එක් කර ගන්න. චොක්ලට් කුඩු පලමුව ග්‍රෑම් 50ක් පමණ ටික ටික එයට එක් කරගන්න. ටික ටික ප්‍රමණය වැඩි කරමින් තමන් කැමති තද පාට එනතෙක් චොක්ලට් පවුඩර් එක් කර ගන්න. මෙය එකිනෙකා ගේ කැමැත්ත අනුව වෙනස් වේ.
බිත්තර සුදුමද වෙනම තදින් පෙන නගින තෙක් ගසාගෙන  එම මිශ්‍රණයටම එක් කර ගන්න. මෙහිදී බීටරයේ බීට්වෙන රවුම් කැබලි දෙක හොඳින් සෝදා වියලා ගැනීම වැදගත්. මන්ද? සුදුමද හොඳින් ගසා ගන්න අනවශ්‍ය දේ හිරිහැරයක් වෙන බැවින්. 
මේ මිශ්‍රණයටම ගසාගත් ක්‍රීම් එකතු කර වියලි ලී හැන්දකින් පෙරලා ගන්න. බ්‍රැන්ඩි හෝ රම් එක් කරගන්න.
මාරි බිස්කට් ටික උණු කිරි වල පොඟවා ගන්න.
මෙසේ පොඟවමින් මුලින්ම  ක්‍රීම් මිශ්‍රණය අඩියට දමා  ඊට පසුව බිස්කට් තට්ටුවක් ද ඊට උඩින් අඟල් බාගයක් පමණ ක්‍රීම් තට්ටුවක්ද  ලෙස මේ ක්‍රමයට තට්ටු දමා ගන්න. අවසානයට ක්‍රීම් තට්ටුවක් දමා කජු හා චොක්ලට් කර්ල්ස් වලින් සරසා ගන්න. ඔබට මෙය ක්‍රීම් වලින් ද සරසා ගත හැක.
පැය දෙකක් පමණ ශීත කරණයේ තැබීමෙන් රසය වැඩිවේ.
****රස බලලම කියන්න කෝ.