Saturday, October 13, 2012

ඉට්ලි




අපි අද ඉට්ලි හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:-
සුදු උළුඳු කෝප්ප 2 යි
සම්බා සහල් හෝ බාගෙට තැම්බූ නාඩු සහල් කෝප්ප 4 යි
උළුහාල් තේ හැඳි 1/2ක් පමණ

උයාගත් බත් ස්වල්පයක්.
අවශ්‍යය පමණට ලුණු
බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

හාල් සහ උළුඳු වෙනවෙනම පොඟවා පැය 6 - 8 ක් තබන්න. උයාගත් බත්, උළුහාල් ද  මේ එක් වර්ගයකට එකකරගන්න.  ඉන්පසු හොඳින් ගරා වෙන වෙනම අඹරා ගන්න. ඇඹරීමේදී ග්‍රයින්ඩරය රත් නොවනසේ අඹරාගන්න. මදක් කැබලි හිටින්නට ඇඹරිය යුතුයි. මේ දෙවර්ගයම එකට එක්කොට යලිත් අඹරන්න. බේකිං පවුඩර් ද මෙයට එක් කරන්න.  ඒ මිශ්‍රණය පිපෙන්නට පැය 6 ක් පමණ තියන්න. මේ මිශ්‍රණය පිපුණ පසුව ඉට්ලි මොල්ඩ් එකක විනාඩි 10 - 15 ක් ස්ටීම් කර තම්බා ගන්න.





Idli

  • 4 cups par boiled rice/Samba  Rice
  • 2 cup Urad dal
  • salt to taste
  • about a fistful of cooked rice  
  • few Fenugreek seeds about 1/2 tsp .
  • baking powder 2 tsp

Soak the Urid Dal  and par boiled rice separately for at least 6-8 hrs.
I have used Wet grinder to make my batter but you can do the same with your food processor. 
First add the rice in your grinder and grind it well. The batter will not be smooth but little coarse-grained.

Remove and set aside in a large bowl. In the same grinder ( you don't have to wash/clean) Urad dal add the along with cooked rice.
Grind it once again. This takes longer and the more you grind, better the idlis. You need to keep adding little water now and then. You will notice that the batter doubles up in volume when ground. When the batter is smooth ( feels like satin), remove and pour it along with rice batter. Add salt, baking powder mix well and set aside.
The next day, after fermenting, stir the batter well.
You can use small bowls if you don't have these plates to make them too. Pour out the batter in each of the plates.  You can use a steamer. Cook for 10 in high flame and then lower it to min for last 5.

පොල් සම්බලය;

ගා ගත් පොල් බෑයක්
කොත්තමල්ලි කොළ
කරපිංචා කොළ
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු කුඩු ස්වල්පයක්
සුදු ළුණු බික් දෙක තුනක්
අමු මිරිස් කරල් පහක් පමණ
රතු ලූණු ගෙඩි පහක් පමණ

දෙහි ඉස්ම ස්වල්පයක්

මේ සියල්ලම එකට අඹරා ගන්න. පදමට ලුණු හා අනෙකුත් දේ දමා ගන්න.


2 comments:

  1. හච්චෝ ආන්ටි මේවා දාන්න එපෝ..මම ආසම කෑම..මට බඩගිනි එනෝ :)

    (ස්තුතියි ආන්ටි) :)

    ReplyDelete
  2. good one. rice is the problem for me. we do not have samba or parboiled. Enjoyed idle so much with my Indian friend.
    will try this in future akka

    ReplyDelete