Sunday, April 21, 2013

රට ඉඳි කේක් :-




රට ඉඳි කේක් :-

අවශ්‍ය ද්‍රව්‍ය :-

රට ඉඳි ග්‍රෑම් 500
ආප්ප සෝඩා තේ හැඳි 2 ක්
වතුර මි.ලී 125
බටර් ග්‍රෑම්  250
පාන් පිටි ග්‍රෑම් 250 ක් 
සීනි ග්‍රෑම් 250
**රට ඉඳි වල සීනි ඇති නිසා අවශ්‍යය නම් සීනි ප්‍රමාණය ග්‍රෑම් 75ක් පමණ අඩු කරගත හැක.
බිත්තර 6 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1ක්
කජු ග්‍රෑම් 150
මුද්දරප්පලම් ග්‍රෑම් 100 ක්
රෝස්‌ එසන්ස්‌ තේ හැඳි 1/2 ක්
ආමන්ඩ් එසන්ස්‌ තේ හැඳි  1 ක්
මිශ්‍ර කුළු බඩු තේ හැඳි 1
වැනිලා තේ හැඳි  1




සාදන ක්‍රමය :-


රට ඉඳි කුඩා කැබලිවලට කපා ඇට ඉවත්කර වතුර හා ආප්ප සෝඩා එකතු කර එය රට ඉඳිවලට දමා පැය 8 ක්‌ පෙඟෙන්න තබන්න.

පිටි හා බේකින් පවුඩර් එකට දමා තුන්වරක්‌ හලාගන්න. බටර් හා සීනි හොඳින් බීට්‌ කර ක්‍රීම් කරන්න. එම මිශ්‍රණයට බිත්තර එක බැගින් එකතු කරන්න. බිත්තර සියල්ල එකතු කළ පසු එයට හලාගත් පිටි එකතු කරන්න.   දැන් කජු, ආප්ප සෝඩා යෙදූ රට ඉඳි, රෝස්‌ එසන්ස්‌, ආමන්ඩ් එසන්ස්‌, වැනිලා , මුද්දරප්පලම් හා මිශ්‍ර කළ කුළුබඩු එකතු කරන්න. ***  කජු  හා මුද්දරප්පලම් එකතු කිරීමට පෙර කජු කුඩාවට කපා ගෙන ඒවා කෝන් පිටි ස්වල්පයක හොඳින් දවටා ගන්න. එසේ කරන්නේ ඒවා පහළට බැසීම වලක්වා ගන්නයි. මේ සියල්ල දැමූ පසු හිමිහිට පෙරලන්න. තදින් කලවම් කරන්න යන්න එපා.

තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක්‌ දමා විනාඩි 10ක්  පෙර රත් වූ උදුනක සෙ.අ 150 උෂ්ණත්වයේ විනාඩි 45 -  පැයක්  පමණ   බේක්‌ කරන්න. 
පිළිස්සෙන වේලාව අඩංගු වතුර ප්‍රමාණය අනුව වෙනස් වන්න පුලුවන්. ඒ නිසා ඉරටු කූරකින් ඇන ඇලෙන ගතිය ගිය පසුව ලිපෙන් බා ගන්න. මේ කේක් එක දිනක් පරණ වූ පසුව වඩා රසවත් වේ. පැණි බැසීම නිසා.  

** මිශ්‍ර කුළු බඩු සඳහා -

කරඳ මුංගු කරල් 5, කරාබු නැටි 3, කුරුදු කැබැල්ලක්‌, සාදික්‌කා මද 1/4 ගෙන හොඳින් කොටා එයින් තේ හැඳි 1  ක්‌..... ...

* පින්තූර අන්තර්ජාලයෙනි.

10 comments:

  1. හොදායි ගොඩාක්... හදල තියන්න අපි එන්නං කඤ්ඤ

    ReplyDelete
  2. ආනේ මන් ආසම කේක් ජාතියක් . හදල බලන්න ඕනේ . ස්තුතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බින්දි.

      Delete
  3. රහම රහා පාටයි. මේ කේක් එකේ එන්නේ ටිකක් වෙඩින් කේක් රහක්. මම මේක අම්මා එක්ක එකතු වෙලා හදනවා. රසම රසයි.:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! පොඩී. මේක වෙඩින් කේක් තරම්ම පැණිරස නැති නිසාත් රිච් නැති නිසාත් මාත් හරිම ආසයි මේ කේක් එකට.

      Delete
  4. Replies
    1. ඔන්න හදලා බැලුවා. හරිම රහයි. රෙසිපියේ පොඩි කෑල්ලක් හැලිලා වගේ. ගන්න ඕන පිටි ප්‍රමානේ කියලා නැහැනේ. ඉතින් මම අනිත් ඒවා වගේ පිටිත් 250 දාලා තමයි හැදුවේ. බොහොම ස්තුතියි.

      Delete
  5. අනේ රත්තරන් අක්කේ ඔයාගේ මේ ලිපි හරිම රසවත් අර්ථවත් ඒ වගේම කියවද්දී හරියට ආසා හිතෙනවා. ඔයාගේ මේ ලිපි එක්ක බලද්දී මම ලියන බ්ලොග් ලිපි නම් නිකම් පල් හෑලි වගේ කියලා මට හිතෙනවා. මොකද ඔයා ගොඩාක් ප්‍රවීණ උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඔයා වගේ නෙවෙයි නේ මම. මම බ්ලොග්කරණයට තාව හරිම අලුත්. මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් අරගෙන ආසාව නිසා ලිපි ලියා ගෙන යනවා. මම දන්නේ නැහැ මම ලියන ලිපි මොන මට්ටමකද තියෙන්නේ කියලා වත්. අනේ අක්කේ මම ඔයාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන ඉල්ලීම මේකයි. අනේ අක්කේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ බ්ලොග් ලිපි කියවලා ඒවා මොන මට්ටමක තියෙනවද කියලා මාව දැනුවත් කරන්න අදහස් පළ කරන්න කාරුණික වෙන්න කියලා බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයා එනකල් මම මඟ බලාගෙන ඉන්නවා මගේ සුදු රත්තරන් අක්කියෝ..
    ReplyDelete

    ReplyDelete
  6. මමත් ආසම කේක් වර්ගයක්. බොහොම ස්තුතියි. ළඟදිම දවසක මේ වට්ටෝරුවට අනුව හදලා බලනවා

    ReplyDelete