Saturday, March 28, 2015

වට්ටක්කා සුප්





අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා කැබැල්ලක්

පොල්කිරි ටිකක්

රතුළූණු ගෙඩි කීපයක්

එළවළු තෙල් ස්වල්පයක්

සූදුරු හා කොත්තමල්ලි කුඩු ස්වල්පය බැගින්

ලුණු කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

 ප්‍රෙෂ් ක්‍රීම් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය


  • වට්ටක්කා කැබැල්ලේ පොතු සහ ඇට ඉවත්කර කුඩා කැබලි වලට කපා තැම්බෙන්නට හරින්න. හොදින් තැම්බුනු විට හැන්දෙන් හොදින් පොඩිකර ගන්න. දැන් රතුළූණු ඉතා සිහින්ව කපාගන්න. තෙල් ටිකක් රත්කර එයට ළූණු කැබලි දමා බැදෙන්න හරින්න. පොඩිකරගත් වට්ටක්කා සාරය දමා, පොල්කිරි ටිකක්ද එකතුකර අවශ්‍ය කරන උකු ගතිය ප්‍රමාණයට වතුර එකතු කරන්න. දැන් සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් හා ලුණු කුඩු අවශ්‍ය පමණට එකතු කර ගන්න.
  • මෙයට දෙහි ස්වල්පයක් දමා, රසවත් කරගෙන  පාස්ලී කොළ හීනියට ලියා දමා සරසා ගන්න.
  • උඩින් ක්‍රීම් ස්වල්පයක් අවශ්‍යනම් දමා ගන්න.


2 comments:

  1. ආසම ආසා සුප් එකක්. වින්ටර් එකට බොන්ට හොඳම හොඳ බීමක්. සහ කෑමක්...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! පොඩ්ඩි. තව ඉස්සරහට දාන්නම් කො හොඳ හොඳ කෑම.

      Delete